හිටපු කතානායක කරු ජයසුරිය, මාධ්‍යවේදී වික්ටර් අයිවන් කැබිනට් රැස්වීමට

 

 

හිටපු කතානායක කරු ජයසුරිය, ජෙෂ්ට මාධ්‍යවේදී වික්ටර් අයිවන ඇතුළු පිරිසක් ඊයේ කැබිනට් මණ්ඩලය හමු වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර් ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කළේය.

රටපුරා ගම් මට්ටමින් පිහිටුවීමට යෝජිත ජන සභා ක්‍රමය පිලිබඳ  ඔවුන්ගේ යෝජනාව ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීම සඳහා මෙම හමුව සිදු වී තිබේ.

ජන සභා පිහිටුවීමේ යෝජනාව මෙන් ම ඒ සඳහා ලේකම් කාර්යාලයක් පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ද ඊයේ දිනයේ අනුමත කොට තිබේ.

ජන සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *