ශ්‍රී ලංකාව දුප්පත් කරන්නැයි ආණ්ඩුව ලෝක බැංකුවෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව මැද ආදායම් ලාභී රටක් ලෙස ලෝක බැංකුව කර ඇති ර්වගීකරණයෙන් ඉවත් කොට අඩු ආදායම් ලබන රටක් ලෙස ර්වගීකරණය කරන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටීමට  රජය තීරණය කොට ඇති බව වාර් තා වෙයි.

දැනට මුහුණ දී තිබෙන ආර් ථික අර්බුදය නිසා මෙලෙස අඩු ආදායම් රටක ර්වගීකරණය ඉල්ලා සිටියි.

ලෝක බැංකුවෙන් සහ වෙනත් ආයතනවලින් සහන ණය ලබාගැනීමට හැකි වන්නේ අඩු ආදායම් ලාභී රටවලට බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නට රජය තීරණය කොට තිබේ.

දැන් මෙරටට ලබා දී ඇති මැදි ආදායම් රටක තත්ත්වය යටතේ සහන ණය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් නොලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *