මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න පාර් ලිමෙන්තුවෙන් බැරි නම් ජනමත විචාරණයකට – ජනාධිපති කියයි

පාර් ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරීම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වනවිට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පවතින මනාප ඡන්ද ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවත්, ලැයිස්තු ක්‍රමයක් හෝ කේවල, සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට යා යුතු බවත්, කී ජනාධිපතිතුමා මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා නීති පැනවීම අවශ්‍ය බව ද කී ය. වත්මන් මැතිවරණවල දී ඇතැම් අපේක්ෂකයින්  මිලියන 35 ,50 වැනි ප්‍රමාණයෙන් වියදම් කරන බව ද වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, වෘත්තීයවේදීන් සමග අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති හමුවක දීය.

රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කර ගත් කමිටුවකට ලබාදිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදුකිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර ඇත.

දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් සමග මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *