ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 3.5කින් ඉහළට


 

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා සියයට 3.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර් තා පෙන්නුම් කරයි.

එය අගෝස්තු මාසය තුළ පැවතියේ අමෙරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙසය.

ඒ අනුව මෙම මාසය තුළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 60 කින් ඉහළ ගොස් තිබේ.

මෙම සංචිත වත්කම් අතරට චීන මහජන බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිත කිරීම කොන්දේසිවලට යටත් වෙයි.

බැංකු ක්‍රමය තුළ ඩොලර් හිගය ද තරමක් දුරට අඩු වී ඇති බව මහ බැංකු අධිපති ආර්චාය  නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *