22 වන සංශෝධනය 20 , 21 ට කල් යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය මෙම මස 20 සහ 21 දිනවල පාර් ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වී තිබේ.

ඊයේ සහ අද දිනවල මෙය විවාදයට ගැනීමට කලින් තීරණය කොට තිබුණ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් විරුද්ධ වීම සහ සමගි ජන බලවේගය ඡන්දය නොදෙන බව ප්‍රකාශ කිරීම නිසා එය විවාදයට ගැනීම කල්තබනු ලැබීය.

කෙසේ වෙතත්, අද පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සජබ මන්ත්‍රී එරං වික්‍රමරත්න මහතා කීවේ තම පක්ෂය 22 සංශෝධනයට ඡන්දය දීමට සුදානමින් සිටි බවයි.

මෙයට විරුද්ධ වී ඇත්තේ පොහොට්ටුවේ බැසිල්වාදී සුළු පිරිසක් බව උත්තර ලංකා සභාගයේ සභාපති පාර් ලිමේන්තු මන්ත්‍රී විමල වීරවංශ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *