අරගලයේ සැබෑ නායකත්වය ගැන ලෝක නායකයෝ ප්‍රශ්න කරති

 

ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ඉවත්කිරීමේ අරගලයට සැබවින් ම නායකත්වය දුන්නේ කවුදැයි පෞගිය දා ජනාධිපතිතුමාට හමු වූ ලෝක නායකයින් විමසු බව තතු දත් ආරංචි මාර් ග කියයි.

ජපාන සංචාරයේ දී ජනාධිපති හමු වූ සිංගප්පුරු අගමැති ලී හයින් ලුන්ග් මෙන් ම පිලිපීනයේ දී එරට ජනාධිපති ෆර් දිනන්ඩ් ආර් මාකෝස් මහතා ද මෙම ප්‍රශ්නය මතුකොට ඇත. සංචාරයේ දී හමු වූ බොහෝ රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සමාන ප්‍රශ්න මතුකොට තිබේ.

අරගලය ආරම්භ වුයේ නිර් පාක්ෂික ජනතා නැගිටීමක් වශයෙන් බවත්, එය සාමකාමී වූ බවත්, කෙසේ වෙතත්, මැයි 9 දා ප්‍රහාරයෙන් පසු ඇතැම් කණ්ඩායම් එය ප්‍රචණ්ඩත්වයට රැගෙන ගිය බවත්, ජනාධිපතිතුමා පැහැදිලි කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *