පොහොට්ටුවෙන් ර්වජනයක් ! 22 සංශෝධනය අවිනිශ්චිතයි !!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය මෙම 6,7 දිනවල පාර් ලිමෙන්තුවේ විවාද කොට සම්මත කර ගැනීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එයට ඡන්දය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීම පිළිබඳව ගැටළු පැන නැගී ඇති බව වාර් තා වෙයි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ඊයේ පැවති රැස්වීමේ දී මෙම විරෝධය පළ වී තිබේ.

තම පක්ෂයෙන් ඉදිරිපත් කළ ලැයිස්තුවකට අනුව ඇමැති ධුර ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු නොකිරීම ගැන විරෝධය පළ කිරීමක් ලෙස පොහොට්ටු කණ්ඩායමක් මෙම විරෝධය ක්‍රියාත්මක කොට ඇතැයි කියති.

මෙම තත්ත්වය තුළ 22 සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබු 6 දා , බ්‍රහස්පතින්දා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව පාර් ලිමෙන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇති දහ දෙනෙකුගේ නම් ලයිස්තුවේ පිරිසට කැබිනට් ඇමැති ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව දේශපාලන ආරංචි මාර් ග කියයි. පිළිබඳව පාර් ලිමේන්තු විවාදයක් ද ලබා දීමට ආණ්ඩුව සුදානමින් සිටින බව වාර් තා වීය.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් රජයේ නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත් වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *