පොහොට්ටු ලැයිස්තුවට ඇමැතිකම් දෙන්න රනිල් මෙවරත් බෑ කියයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇති දහ දෙනෙකුගේ නම් ලයිස්තුවේ පිරිසට කැබිනට් ඇමැති ධුර ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් වරක් ප්‍රතික්ෂේප කොට ඇති බව දේශපාලන ආරංචි මාර් ග කියයි.

එම ලයිස්තුවේ ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, එස් බී දිසානායක ඇතුළු නම් ගණනාවකට ජනාධිපතිතුමා විරෝධය පළ කොට තිබේ. කෙසේ වෙතත්, පොදුජන පෙරමුණ එම පත්කිරීම් කළ යුතු ම බව කියා ඇති අතර මෙම සඳුදා ඒ සඳහා අවසන් දිනයක් ද නියම කොට ඇතැයි කියති.

තම කණ්ඩායමට ඇමති ධුර ලැබෙන බවට ප්‍රවෘත්ති වාර් තා පළ කිරීමට ද එම පක්ෂයේ පිරිසක් කටයුතු කොට ඇති අතර ජනාධිපති කාර්  යාලය එම ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *