ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළි‍වෙළට ලෝක බැංකුවේ පැසසුම්

 

මෙරට ආර්ථිකය යළි ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ FARIS HADAD-ZERVOS මහතා සඳහන් කරන්නේ බිඳ වැටුණු ආර්ථිකය යථාවත් කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිය කැපවීම ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

ලෝක බැංකුව එම තත්ත්වයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි. FARIS HADAD-ZERVOS මහතා මේ අදහස් පළ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ අද (03) මුදල් අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ය.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *