ඇමති මණ්ඩල පත්කිරීමක් අද නැහැ ; 22 සංශෝධනය සම්මත වීමෙන් පසුවයි

 

අද දින තවත් ඇමතිවරුන් පිරිසක් දිව්රුම් දෙන බවට පළවන වාර් තා සත්‍යයෙන් තොර බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීමෙන් පසුව නව ඇමතිවරුන් පත්කරනු ඇති බවත්, තතු දත් දේශපාලන ආරංචි මාර් ග කියයි.

තම පක්ෂයේ 10 දෙනෙකුට ඇමති තනතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවක් ඉදිරිපත් කොට ඇතත්, එහි ඇති ඇතැම් නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමත කොට නැත. ර්සව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂය එකඟ නොවන බව පැහැදිලි වී ඇති නිසා, තම පක්ෂයෙන් ඇමැති මණ්ඩලය පත්කරන ලෙස ද පොදුජන පෙරමුණ ඉල්ලීමක් කර ඇති බව කියති.

22 සංශෝධනය සම්මත වූ විට ජනාධිපතිට ඇමැති ධුර දැරීමේ අයිතිය සීමා වන නිසා එම අමාත්‍යංශ සඳහා ද නව ඇමතිවරුන් පත් කිරීමට සිදුවන බැවින් එම සංශෝධනය සම්මත වන තෙක් නව ඇමතිවරුන් පත් නොකිරීම ජනාධිපතිතුමාගේ ස්ථාවරය වී ඇතැයි කියති.

ඒ අනුව නව ඇමතිවරුන් දිවුරුම් දීම ලබන 7 වැනිදායින් පසුව සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *