අධි ආරක්ෂක කලාප ගැසට්ටුවට නීතිපතිගේ උපදෙස් ගෙන නැහැ – ටිරාන්ගේ සහ කමල්ගේ වැඩක්

කොළඹ නගරයේ අධි ආරක්‍ෂිත කලාප වෙන් කිරීමේ ගැසට් නිවේදනය සකසා ජනාධිපතිගේ අත්සන සඳහා යව ඇත්තේ , මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මහත්වරුන් විසින් බවත්, එයට නීතිපතිගේ උපදෙස් ගෙන නොතිබූ බවත්, ‘සන්ඩේ ටයිම්ස් ‘ දේශපාලන ලියුම්කරු හෙළිදරව් කරයි.

ප්‍රශ්න මතුවන විට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ ගැන නීතිපති සංජය රාජරත්නම් මහතාගෙන් විමසු බවත්, තම හෝ තම දෙපාර්තමේන්තුවේ කිසිවකු එකී ගැසට් පත්‍රයට අනුමැතිය දී නැති බව නීතිපතිවරයා පැවසු බවත්, එහි සඳහන් ය.

මෙය දැනගත් වහා ම ටිරාන් අලස් ඇමතිවරයා ඇමතු ජනාධිපතිවරයා ගසට්ටුව ඉවත් කළ යුතු බව දැනුම් දුන් අතර  එසේ නොකරන ලෙස ඇමැතිවරයා ඉල්ලා තිබේ.

ගැසට් පත්‍ර වහා ම ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇතත්, හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ නඩු තීන්දුවකට අනුව එවැනි ඉවත් කර ගැනීමකට එය නිකුත්කළ බලධාරියා විසින් ම අත්සන් කළ යුතු බව සඳහන් වන බැවින් ජනාධිපතිවරයා පැමිණි වහා ම මුල් ගැසට් පත්‍රය ඉවත් කරන බවට නව ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *