මිල සුත්‍රයෙන් පෙට්‍රල් මිල අඩු කරයි

 

ඛනිජ තෙල් සඳහා ක්‍රියාත්මක මිල සුත්‍රයට අනුව පෙට්‍රල් මිල අද සිට අඩුකොට ඇති බව විදුලිබල සහ බලශක්ති ඇමැති කාංචන විජේසේලකර මහතා කියයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 30 කින් මිල අඩු කොට ඇත.

ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 410 ක් වන අතර ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 510 කි.

සෙසු ඛනිජ තෙල් නිෂ්පාදන මිල ගණන් නොවෙනස්ව පවතියි.

ලංකා IOC සමගම ද තම මිල ගණන් අඩු කරන බව නිවේදනය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *