“මම උගුලෙන් ගැලවුණා” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

 

 

ජනතා අරගලය හේතුවෙන් ඉල්ලා අස් වන්නට වූ ජනපති – අගමැති – මුදල් ඇමැති ඇතුළු කණ්ඩායම වෙනුවට එදා ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ සිතැගි ඉටු කරන පුද්ගලයකු ජනාධිපති ධුරයට පත් කිරීම බවත් එදා තමන්ට අගමැති තනතුරට ආරාධනා කොට ඔවුන් බලාපොරොත්තු වුණේ දින කිහිපයකට පසු විශ්වාසභංගයක් ගෙනැවිත් තමාගේ දේශපාලන ජීවිතයම අවසන් කොට දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මේ බව තේරුම් නොගැනීමට තරම් තමන් දේශපාලනයේ අපරිණත අයකු නොවන බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා, එවැනි ලොසිංජරවලට තමන් නොරැවටෙන බව ද කියයි.

තිස්සමහාරාම බෙරලිහෙළදී ගොවි ජනතාවට කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනකට ඊයේ (30) එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ආණ්ඩුව තමන්ට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත්, එවන් ආණ්ඩුවෙන් තමන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයක් බවත්, ඒ අන් කිසිවක් නොව මැතිවරණයක් බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය.

පුරවැසි අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමැති, අගමැති සහ ජනාධිපති පිළිවෙළින් ගෙදර ගිය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවට උපක්‍රමශීලිව පොහොට්ටුවේ නායකයන් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයාව පත් කර ගත් බවද පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *