අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීමේ නීතියට සජබ නඩු දමයි

 

 

අරගලකරුවන්ට සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නියුතුවූවන්ට එරෙහිව නීති මගින් ක්‍රියා නොකර ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා රජය ඉදිරිපත් කොට ඇති නීතියට  එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් ශ්‍රේෂ්ටාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සම මගින් කියන්නේ එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙසයි.

අරගලකරුවන් සහ ප්‍රචන්ඩකාරීන් අධිකරණයට ඉදිරිපත් නොකර පුනරුත්තාපනයට යොමු කිරීමට එම පනත මගින් පොලීසියට බලය ලැබෙන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නියුතුවූවන් පුනරුත්ථාපනය සඳහා කාර් යාංශයක් පිහිටුවීම සඳහා විශේෂ පනත් කෙටුම්පතක් රජය විසින් පාර් ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. එමගින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරුතු වුවන් මෙන් ම මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ද පුනරුත්තාපනයට යොමු කිරීමට විධිවිධාන සලසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *