ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සියලු රටවල සහය ඕනෑ – ජපන් විදේශ ඇමැති

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්යුහාගත් කිරීමට ජපන් රජයට කළ හැකි සියලු දේ කරන බවත්, එසේ වුව ද , එය සාර්ථක වීමට අනෙක් සියලු රටවල සහය අවශ්‍ය බවත්, ජපානයේ මුදල් ඇමැති සුනිචි සුසුකි මහතා ප්‍රකාශ කළේය.

එම ගැටලුව විසඳීමට අනෙක් ණයහිමි රටවල් වන චීනය සහ ඉන්දියාව ද මැදිහත් වියයුතු බව ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය.

ජපානයේ ටෝකියෝ නුවර දී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමු වී කළ නිල සාකච්ඡාවකින් පසුව ජපන් විදේශ ඇමැතිවරයා අද මෙම ප්‍රකාශය කළේ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පිලිපීනයේ මැනිලා නුවරට  පැමිණ සිටිය දී ය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් ඉටු කිරීමට ජපානය සුදානම් බව ජපන් විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *