|

ජනතාව අරක්කු බීම අඩු වී ආණ්ඩුව අමාරුවේ ! – මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය

 

ආර් ථික අපහසුතා හේතුවෙන් ජනතාව මත්පැන් පානය අඩු කොට ඇති නිසා රජයට එයින් ලැබුණු බදු ආදායම සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

පවතින අධික උද්දමනය නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ වනවිට මත්පැන් බෝතලයක මිලෙන් සියයට 75 ක් බදු වශයෙන් අය කරගනු ලබයි. සිගරට් සඳහා බදු සියයට 65 සහ 75 අතර පවතියි.

රජය ලැබූ මෙම අදායම් දැන් අඩු වී ඇත්තේ ජනතාව මත්පැන් පානය අඩු කොට ඇති බැවැනි.

රාජගිරියේ සුරා බදු දෙපාර්තමේන්තු කාර් යාලයේ ඊයේ කල නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ඇමැතිවරයා මෙම අදහස් පළ කොට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *