ජපානයේ දී රනිල් -මෝදි හමුවක්

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේ මහතාගේ  අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත.

හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා කෙරුණු  බවත් වාර්තා වේ.

එහිදී නරේන්ද්‍ර මෝදි මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳව සුබ පැතුම් පළ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන ලද  සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විමසා තිබේ.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *