|

අධි ආරක්‍ෂිත කලාප දැම්මේ ජවිපෙට ගහන්න විතරලු !

හදිසියේ අධි ආරක්‍ෂිත කලාප ගැසට් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය පුරහල සිට කොළඹ කොටුවට පැමිණීමට සැලසුම් කොට තිබු පෙළපාළිය විසුරුවා හැරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව තාවකාලික පියවරක් ලෙස බවත්, ජනාධිපතිතුමා පැමිණි වහා එය ඉවත් කරනු ඇති බවත්, ආණ්ඩුවේ ආරංචි මාර් ග ප්‍රකාශ කරයි.

සමාජවාදී තරුණ සංගමයේ පෙළපාළිය 24 දා, සෙනසුරාදා පැවති අතර ඊට දිනකට පෙර රජය විසින් අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කරනු ලැබීය. 24 දා පෙළපාළිය පොලීසිය බලය යොදා විසුරුවා හරිනු ලැබීය.

ඉන්පසු මාධ්‍ය හමුවක් ඇමතු ආරක්ෂක රාජ්‍ය ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද ප්‍රකාශ කළේ ජනාධිපතිතුමා පැමිණි පසු අධි ආරක්‍ෂිත කලාප පිළිබඳව සමාලෝචනයක් කිරීම සිදුවනු ඇති බවයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *