විපක්ෂ නායක සජිත් රැකගත යුතු බවට රනිල් උපදෙස් දීලා !

 

 

ප්‍රධාන විපක්ෂය ලෙස සිටින සමගි ජන බලවේගය දුර්වල කළොත් වෙනත් අන්තවාදී විපක්ෂයක් බිහිවීමේ අනතුර ඇති බවත්, එබැවින් එම පක්ෂයෙන් ආණ්ඩුවට මන්ත්‍රීවරුන් ගැනීම ගැන දෙවරක් සිතිය යුතු බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇති බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර් ග ප්‍රකශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කණ්ඩායම් ගණනාවක් කැඩී ගොස් පාර් ලිමේන්තුවේ සංයුතිය වෙනස් වී තිබෙන නිසා මෙම අනතුර මතුව ඇති බව ජනාධිපතිතුමාගේ මතය වී තිබේ. විපක්ෂය වීම සඳහා තරඟයක් ඇති වුවහොත් එම පක්ෂ අතර ආණ්ඩු විරෝධී අන්තවාදී වීමේ තරගයක් ඇතිවිය හැකි බවත්, ඉදිරි කාලයේ ක්‍රියාත්මක කළ යුතු ආර් ථික ප්‍රතිසංස්කරණවලට එය බරපතළ ලෙස අහිතකර විය හැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වී තිබේ.

රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට ගැනීමට උත්සහ නොදැරීම ගැනත්, ආණ්ඩුවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කොට සිටි මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා නොකිරීම ගැනත්, ආණ්ඩු පක්ෂයේ පිරිසක් කළ විමසුමකට පිළිතුරු ලෙස වික්‍රමසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.

එහි දී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත්, ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගයත් පැවතීම මේ මොහොතේ ආණ්ඩුවට වඩා වාසිදායක බව යි.

වාද විවාද මගින් ප්‍රශ්න විසඳාගත හැකි ප්‍රජතන්ත්‍රවාදී විපක්ෂයක් තිබීම ආණ්ඩුකරණයට අත්‍යවශ්‍ය බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *