ණය ප්‍රතිව්‍යුහගතකරණයේ මුලිකත්වය ගන්න ජපානය සුදානම් – ජපන් විදේශ ඇමැති දැනුම් දෙයි

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහගත කිරීමේ සාකච්ඡා සඳහා මුලිකත්වය ගෙන ක්‍රියා කිරීමට ජපානය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ ඇමැති යෝශිමාසා හියාෂි මහතා අතර අද උදේ පැවති සාකච්ඡාවේ දී ජපන් විදේශ ඇමැති වරයා මේ බව දැනුම් දී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් අතර සාකච්ඡාවක් සිදුකළ යුතු අතර ඒ සඳහා මුලිකත්වය ගැනීමට ජපානය කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද සවස ජපන් අගමැති සහ මුදල් ඇමති ද හමු වී වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *