සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනම් කිරීමට පියවර

 

සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ටෝකියෝ හිදී සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුං මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව ප්‍රසාදය පළකළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවය.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගීවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයට මෙහිදී අවධාරණය කළේය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *