චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹුවා – ස්ට්‍රේට්නිවුස් ග්ලෝබල් වෙත  ජනපති කියයි

 

 

චීනය සමඟ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයිද එය ඉහළ තලයකට ගෙන ඒම ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ස්ට්‍රේට්නිව්ස් ග්ලෝබල් සමඟ සාකච්ඡාවකට ඒක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2 දශම 9ක විස්තීර්ණ ණය මුදලක් ගැනිම සඳහා ඇති කර ගත් කාර්ය මණ්ඩල ඒකඟතාවට අදාළ පූර්ව පියවර මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් ජනාධිපතිවරයා පැවසීය. ඊළඟ පියවර වනුයේ ණය හිමියන් සමඟ ඒකඟතාවකට පැමිණීම බවත් ණය ගෙවීමට හැකි තත්ත්වයක් නොමැති නිසා මෙය කිරීමට සිදු වී ඇති බවත් ජනාධිපතිවරයා කීවේය. ණය හිමියන් සමඟ අවසාන ඒකඟතාවකට පැමිණි පසු නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඒහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යා යුතු බව කී ජනාධිපතිවරයා ද්වි පාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් සඳහන් කළේය. ඒම සාකච්ඡා අවසන් වූ පසු පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයට ගිය විට ඔවුන්ගේ භූමිකාව පිළිබඳ සාකච්ඡා කරන බවත් කීවේය. ජපානය ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් චීනය සමඟ පහළ මට්ටමින් සාකච්ඡා කිරීම ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති අතර එය ඉහළ මට්ටමට ගෙන යා යුතු බවත් පැවසීය.

රටේ වැඩි පිරිසකට අවශ්‍ය වුණේ රටේ නීතිය හා සාමය පවත්වා ගෙන යාම බැවින් විරෝධතාවලදී නීතිය අතට ගත් අයට දඬුවම් කිරීම ගැන ඔවුන් එකඟ වුණු බවත් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අත් පත් කර ගැනීමට උත්සහ දැරීමේදී බලා සිටිය නොහැකි බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. විප්ලවකාරී කණ්ඩායම්වලට සම්බන්ධ වුණු සිවිල් සමාජයේ සමහර සමාජ ක්‍රියාකාරීන් සිතුවේ ආණ්ඩුව බිඳ වැටෙණු ඇති බත් එහිදී තමන්ට කවර භූමිකාවක් හිමි වේදැයි ඔවුන් කල්පනා කළ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉල්ලා අස්වීමේ ලිපිය බාරනොදුන්නොත් මගේ නිවස ගිනි තබන බව කී බවත් ඉන්පසුව විරෝධතා කරුවන්ට අවශ්‍ය වුණේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ලෙස තමා හමුදාවට උපදෙස් දුන් බවත් විරෝධතාකරුවන් ට අවශ්‍ය වුණේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වළක්වාලෙීම බවත් වික්‍රමසිංහ මහතා කීවේය. මේ වන විට බොහෝ ශ්‍රී ලාංකිකයන් එය අවබෝධ කර ගෙන ඇති බව කී ජනාධිපතිවරයා ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ සියලුම උපකාරවලට ස්තූතිය පළ කරන බවත් සඳහන් කළේය.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *