පොහොට්ටුවේ ඇමැති ඉල්ලීමට රනිල් මෙවරත් බැහැ කියයි

 

කැබිනට් මණ්ඩලයට තම පක්ෂයෙන් පත් කළ යුතු යැයි නම් ගණනාවක් යෝජනා කොට ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , ජනාධිපතිගේ ජපන් සංචාරයට පෙර එම ඇමතිවරුන් පත්කරන ලෙස ඉල්ලා ඇතත්, එම ඉල්ලීම් ජනාධිපතවරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

26 දාට පෙර ඇමති මණ්ඩලය පත්වන බව ඇතැම් මැති ඇමැතිවරුන් විවිධ ස්ථානවල ප්‍රකාශ කොට තිබුන ද ඒ කිසිවක් එලෙස සිදු නොවුණේ පොදුජන පෙරමුණේ ඉල්ලීම් පිළිගැනීමට ජනාධිපතිතුමා අකමැති වීම නිසා බව කියති.

ර්සව පාක්ෂික ආණ්ඩුවක් ඇති නොවන බැවින් තම පක්ෂයේ පිරිස පත්කරන ලෙස පොහොට්ටුවේ ප්‍රබලයින් ඉල්ලීම් කර ඇතත්, ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ යෝජිත ඇතැම් හිටපු ඇමතිවරුන් යළි පත් කළහොත් විපක්ෂයෙන් එන පිරිස ද නොපැමිණීමට ඉඩ ඇති බව යි.

ජපාන සහ පිලිපීන සංචාරයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් පළමුවැනි දා යලි මෙරටට පැමිණීමට නියමිත ය. නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ඉන් පසුව සිදු කිරීමට නියමිත අතර විපක්ෂයේ කිහිප දෙනෙකුට ද කැබිනට් ඇමති තනතුරු ලබාදීමට නියමිත බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *