සෞඛ්‍ය සේවයට යොදන සම්පත්වලින් සියයට පනහක් අපතේ – රවී කුමුදේශ්

 

ශ්‍රී ලංකාව සෞඛ්‍ය සේවයට යොදා ඇති සම්පත්වලින් ලබන්නේ සියයට පනහක ප්‍රතිලාභයක් පමණක් බව පරිපූරක වෛද්‍ය  වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මහතා ප්‍රකාශ කරයි.

ඇතැමුන් මෙම තත්ත්වය ගැන කියන්නේ සෞඛ්‍ය සේවයේ දැනට සිටින සේවක සංඛ්‍යාවෙන් අඩක ප්‍රමාණයකින් සේවය පත්වාගෙන යා හැකි බව සහ සියයට පනහක සේවක අතිරික්තයක් ඇති බව වශයෙන් වුවත්, තමන් කියන්නේ තිබෙන සම්පත්වලින් ලබාගත හැකි සේවයෙන් අඩක් පමණක් ලබා ගන්න බව වශයෙන් යැයි ඒ මත කියයි.

පාර් ලිමෙන්තුවේ යෝජිත ආංශික උපදේශක කාරක සභාවල සෞඛ්‍ය සේවය සම්බන්ධ කාරක සභාවේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් විය යුත්තේ මෙම සම්පත්වලින් උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීම බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඒමහත මෙම අදහස් පළ කළේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය සතිපතා සංවිධානය කරන කථිකාව අන්තර් ජාල වැඩ සටහනේ සියවෙනි වැඩ සටහනට අද (25) සවස සහභාගී වෙමිනි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්පත් දායකයින් රැසක් සහභාගී වූ මෙම සාකච්ඡාව මහචාර් ය රොහාන් සමරජීව මහතා විසින් මෙහෙයවනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *