චීන හමුදා නායකත්වයෙන් ෂි ජින් පින් ඉවතට ? නව බලවතා ලී කෙචාන්ග් ?

 

චීනයේ  ජනාධිපති ෂි ජින් පින් එරට මහජන විමුක්ති හමුදා නායකත්වයෙන් ඉවත් කොට ඇති බවත්, එම බලය අගමැති ලී කෙචාන්ග් වෙත පවර ඇති බවත්, එරට කුමන්ත්‍රණයක් සිදු වී ඇති බව කියන සමාජ මාධ්‍ය වාර් තා මගින් ප්‍රකාශ කොට ඇත. මෙම කුමන්ත්‍රණය එරට හිටපු ජනාධිපති හු ජින් ටාවෝ සහ හිටපු අගමැති වෙන් ජියාබාඕ ඇතුළු පක්ෂයේ ජෙෂ්ට කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති බවත්, එයට එම පක්ෂයේ ජෙෂ්ටතම  නායකයකු වන සුන් පින්ගේ සහය ලැබී ඇති බවත්, කියති.

පසුගිය සතියේ රැස්වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණ ගෙන ඇති අතර එම තීන්දු රහසේ තබා ගෙන ක්‍රියාවට නගා ඇති බව ද , ඉහත කී වාර් තා මගින් කියයි.

මේ වනවිට චීනයේ බෙයිජිං නුවර ගුවන් ගමන් සියයට හැටකින් පමණ අඩු කොට ඇති බවත්, හමුදා රථ පෙළක් අගනුවර වෙත පැමිණෙමින් සිටින බවත්, අන්තර් ජාල දත්ත මගින් තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, මෙම වාර් තා නොපිළිගන්නා දේශපාලන විචාරකයින් කියන්නේ ජනාධිපති ෂි ජින් පින් පක්ෂයේ සහ හමුදාවේ විශාල සහයක් හිමි කරගෙන සිටි බව සහ ඔහුට එරෙහි විය හැකි උදවිය කල් තබා මරධනය කළ බව යි.

ෂි ජින් පින් නිවෙසට සීමා කොට ඇත්තේ නිවාස අඩස්සියේ තැබීමක් ලෙස නොව නිරෝධයනයක් ලෙස වියහැකි බව ද ඔවුහු කියති.

චීනයේ දැන් සිදුවන්නේ හමුදා අභ්‍යාසයක් විය හැකි බව ද ඇතැම් නිරීක්ෂකයෝ කියති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුවක් ලබන මාසයේ යොදාගෙන ඇති අතර ජනාධිපති ෂි ජින් පින්ට තවත් වසර පහක ධුර කාලයක් ලබාදීම එම සමුළුවෙන් සිදු කිරීමට නියමිතව තිබිණි. මෙය පින්ට ලබා දුන්නේ නම් එය මීට පෙර එම තනතුර වාර දෙකකට සීමා කිරීමේ සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *