|

IMF ණය දෙසැම්බරයේ අනුමත වෙතැයි මහ බැංකුව ආයෝජකයන්ට කියයි


 

මෙම වසර අවසානය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා අනුමැතිය ලබාගැනීමට හැකිවෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර් තා කොට ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් අද (23) ආයෝජකයින් සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කර තිබෙන බව රොයිටර් පුවත් සේවය කියයි

රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර් තා කර ඇත්තේ එම අවස්ථාවට සහභාගී වූවන්ගේ තොරතුරු අනුව මේ බව තහවුරු වූ බවයි.

මහ බැංකු නිලධාරීන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම පිළිබඳ වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ දැනුවත් කිරීමේදී විදේශීය ආයෝජකයන්ට  පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මෙම වසර අවසන් වන විට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව යි.

මෙම වසරේ අවසාන කාර් තුව  සහ 2023 වසරේ දෙවන කාර් තුව අතර සියලුම ණය හිමියන් සමඟ  ගිවිසුම්වලට එළඹීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල අරමුණ බව දැනුවත් කිරීමට සහභාගී වූ ආරංචි මාර් ග ප්‍රකාශ කළ බව ද රොයිටර් පුවත් සේවය වාර් තාකොට තිබේ.

මෙම අවස්ථාවට මහ බැංකු අධිපති අචාර් ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු මෙන්ම මූල්‍ය හා නීති උපදේශකවරුන් වන ලැසාර්ඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් නියෝජිතයෝද සහභාගිවී සිටි බව වාර් තා වෙයි.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *