ජනාධිපතිගේ සමුළුවට නොකැඳවීම ගැන දෙමළ ඩයසපෝරාවෙන් චෝදනා

ජනාධිපතිතුමාගේ ලන්ඩන් සංචාරය අතරතුර කැඳවා තිබු එරට ශ්‍රී ලංකික ඩයසපෝරාවේ රැස්වීමට තම සංවිධානවලට ආරධන කොට  නොතිබුණු බව බ්‍රනාත්‍යයේ දෙමළ ඩයසපෝරා සංවිධාන දෙකක් චෝදනා කරයි.

ගෝලීය දෙමළ සංසදය සහ බ්‍රතාන්‍ය දෙමළ සංසදය මෙලෙස චෝදනා කොට ඇති බව වාර් තා වෙයි.  මෙම සංවිධාන දෙක බ්‍රතාන්‍යයේ ක්‍රියාත්මක ප්‍රබල දෙමළ ඩයසපෝරා සංවිධාන වෙයි.

ජනාධිපතිතුමා සහ බ්‍රතාන්‍යයේ ශ්‍රී ලංකික ඩයසපෝරාවේ සංවිධාන අතර හමුවක් පසුගිය 20 දා ලන්ඩන් නුවර දී පැවැත්විණි. මෙරට මුහුණ දී ඇති ආර් ථික ගැටළු ගැන එහි දී සාකච්ඡා කොට ඇති අතර මෙරට ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපතිතුමා ඩයසපෝරාවේ අවධානය යොමු කළේය.

එම අවස්ථාවට බ්‍රතානයයේ ශ්‍රී ලංකික ඩයසපෝරාවේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *