හැකිනම් මා ඉවත් කරන්න – පොහොට්ටුවේ නායකයන්ට ජී එල් ගෙන් අභියෝගයක් !

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තමන් දරන සභාපති ධුරයෙන් හැකි නම් තමා ඉවත් කරන ලෙස පක්ෂයේ දැන් සිටින නායකයින්ට අභියෝග කරන බව මහචාර් ය ජී එල් පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

තමා  ඉවත්කිරීමට නීතියෙන් ඉඩක් නැති බවත්, පක්ෂයේ සිටින අය එය දන්නා නිසා ඉවත් නොකර සිටින බවත් , ඒ මහතා වැඩි දුරටත් පවසයි.

පාර් ලිමේන්තුව අසල දී අද පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙම අභියෝගය කළේය.

පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ ප්‍රකාශ කළේ ජී එල් පීරිස් මහතා තමන්ට තර්ජනයක් නොවන නිසා ඔහු ඉවත් කිරීමට හදිසියක් නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *