ර්සව පාක්ෂික ජාතික සභා යෝජනාව ඒකමතිකව සම්මතයි

 

රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා ර්සව පාක්ෂික ජාතික සභාවක් පිහිටුවීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීය.

රටේ දිගුකාලීන මධ්‍යකාලීන සහ කෙටිකාලීන ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීම, ආර්ථික ස්ථාවරභාවය සඳහා කෙටි සහ මධ්‍යකාලීන අවම පොදු වැඩ පිළිවෙළකට සම්මුතියක් ඇතිකර ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් බලතල හිමිවන මෙයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන් ඇතුළත් වනු ඇත.

කතානායක වරයා සභාපතිත්වය දරන මෙම සභාවට, අගමැති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක නිල බලයෙන් පත්වන අතර තවත් මන්ත්‍රීවරුන් 35 දෙනෙකු පත්කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *