ප‍්‍රධාන පන්සල් රැසක් Full AC ; බිල වැඩි එනිසා ; ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි !

 

මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක ම විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඒවායේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර බවට හෙළි වී තිබේ.

කොළඹ හා ඒ ආසන්න ප්‍රසිද්ධ විිහාරස්ථා ගණනාවක මෙන්ම දුර බැහැර ප්‍රදේශවල ද ප්‍රධාන පෙළේ නම ගිය විහාරස්ථානවල මෙම තත්ත්වය දැකිය හැකි බව විදුලි බල මන්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ආගමික ස්ථාන සදහා විදුලි ඒකකයක් ඉතා අඩු මුදලකට ලබා දීම මත විශාල විදුලි ඒකක ප්‍රමාණයක් භාවිතා කලද අඩු විදුලි බිලක් මෙතෙක් ඒවාට ලැබී තිබින. නමුත් එය ද රුපියල් 50,000- 100,000 ආසන්න බිලෙකි.

නමුත් මෑතකදී ඉදිරි බිල් ඉහළ නැගීමත් සමගම විහාරස්ථානවල විදුලි බිල් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන් විහාරස්ථාන ප්‍රධාන විහාරස්ථාන ගණනාවක ම විහාරාධිපති හිමිවරුන් ඊට විරෝධය පළ කරමින් සිටිති.

මේ අතර කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පන්සලක විහාරස්ථානයකට සුර්ය බල විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා තාක්ෂණික ශිල්පීන් කැඳ වූ අවස්ථාවේ ඔවුන් පෙන්වා දී ඇත්තේ එහි ඇති සියලුම වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර සෙසු උපකරණ ද ක්‍රියාත්මක කරවන්නේ නම් ඊට අවශ්‍ය බලය උත්පාදනය කිරීමට සූර්ය පැනල සවිකිරීමට විහාරත්ථාන භූමියේම ඉඩ කඩ නොමැති බවයි.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *