ධනපති ක‍්‍රමය තුළ දූෂණයට විරුද්ධව කතාකිරීම විහිළුවක් – එක්සත් සමාජවාදී පක්‍ෂයේ නායක, සිරිතුංග ජයසූරිය

ධනේෂ්වර ක‍්‍රමයෙ ගර්භාෂය ඇතුළෙයි දූෂණය තියෙන්නෙ. අපි ඒක තේරුම් ගන්න  ඕනැ. දූෂණයෙන් තොර ධනපති ක‍්‍රමයෙක් ලෝකෙ කොහෙවත් නෑ. ඉන්දියාවෙ තියෙනවද? ඇමරිකාවේ තියෙනවද? බි‍්‍රතාන්‍යයෙ තියෙනවද? ලෝකෙ කොහෙවත් නෑ. හැම ධනපති රාජ්‍යයක්ම අතිශය දූෂිතයි. එක්සත් සමාජවාදි පක්‍ෂයේ නායක සිරිතුංග ජයසූරිය යුක්තිය කාලීන සංවාද සමග එක්වෙමින් පැවසීය. තවදුරටත් තම අදහස් දැක් වූ සිරිතුංග ජයසූරිය මහතා වෙත  නගනු ලැබූ ප‍්‍රශ්න හා ඊට ලැබුණු පිළිතුරු මෙසේය.

ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන නව ජනාධිපතිවරයෙක්, නව ආණ්ඩුවක් පත්කර ගත්තත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවුන බවක් තමයි අහන්න ලැබෙන්නෙ. රජයට ලැබෙන ජනතා ප‍්‍රසාදය එතරම් සුබවාදී, හිතවාදී එකක් නෙමේ නේද?

ඉතා පැහැදිලිවම දෙන්න තිබෙන පිළිතුර තමයිඅ ’ජනතා බලාපොරොත්තු ඉෂ්ට වුනේ නැත’ කියන එකයි. ජනතා බලාපොරොත්තු ඉටු කරන දිසාවකට ආණ්ඩුව ගමන් කරනවද කියල ඇහුවොත් ඒකටත් මට තියෙන්නෙ ‘නැත’ කියන පිළිතුරයි. කෙනෙක් තර්ක කරන්න පුලූවන් පසුගිිය රාජපක්‍ෂ පාලනයත් මේ ආණ්ඩුවත් අතර වෙනසක් නැද්ද කියල. වෙනසක් තියෙනව. ඒ වෙනස මේ රටේ ජනතාව විසින් ඇති කරපු වෙනසක්. ඒක මෛත‍්‍රීපාල සිරිසේන මහතාවත්, රනිල් වික‍්‍රමසිංහ මහතාවත් ඇති කරපු වෙනසක් නෙමෙයි. මේ රටේ ප‍්‍රබුද්ධ ජනතාව 2013, 2014 වසර යන කාලේ ඉඳල, රාජපක්‍ෂ පාලනයේ තිබුණු ඉතාම දරදඬු ස්වභාවය, මර්ධනකාරී ස්වභාවය, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය, පවුල් පාලනය, ¥ෂණය, මේව ගැන ජනතාව තුළ බරපතල කලකිරීමක් තිබුණ. ඒ ජනතා වෛරය ක‍්‍රමයෙන් මෝරල ඇවිල්ල තමයි 2015 ජනවාරි මාසේ මහින්ද රාජපක්‍ෂව පරාජය කරල, මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය ජනාධිපති වුනේ. ඒ හදපු වාතාවරණයෙන් ලැබිච්ච දෙයක් තියෙනව. සුදු වෑන් සංස්කෘතිය ඉවර කරල, මිනිසුන්ට මහපාරේ ගමන් කරන්න පුලූවන් තත්ත්වයක් නිර්මාණය කරල තියෙනව. ඒක මෛත‍්‍රීපාල මහත්තයවත්, රනිල් මහත්තයවත් හදපු එකක් නෙමේ. ඒක මේ රටේ ජනතාව හදාගත්ත දෙයක්. දැන් සිද්ධවෙලා තියෙන්නේ ඒ හදාගත්ත දේ ආපස්සට කරකැවිල යන එක. දැන් ක‍්‍රමාණුකූලව ‘මහින්ද මහත්තය නැති මහින්ද පාලනයක්’ ඇති වෙමින් තියනව කියන එක කියන්න පුලූවන් එක්තරා විදිහකින්. ඒක තමයි මට කියන්නෙ තියෙන්නෙ යහපාලන පෙරළිය ගැන.

රටේ මතයක් නිර්මාණය වෙමින් තියෙනව, උගතුන්, බුද්ධිමතුන්, ප‍්‍රබුද්ධ දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගෙන් හා සිවිල් සංවිධාන වලින් සමන්විත අලූත් බලයක් ගොඩනැංවිය යුතුයි කියල. ඒ අදහස අනුව අලූත් බලවේගයක් ඇති වීමෙ ප‍්‍රවනතාවක් තියෙනවද? එහෙම බලවේගයක් ගොඩනැගුනොත් ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවද?

ඇත්තෙන්ම එක වැදගත් ප‍්‍රශ්නයක්. නිදහසින් වසර 68 කට පස්සෙ අද වෙන කොට ජනතාවට පවතින දේශපාලන යථාර්ථය තේරුම් ගොස් අවසානයි. ‘එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පක්‍ෂ දෙක. මේ පක්‍ෂ දෙකටම මේ රට මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලන, අර්බූදය තුළ ඇති වෙන විරැුකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථිකය වැනි ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න බැහැ කියන එක ජනතාව තේරුම් අරන් තියෙනව. නමුත් මොවුන් පැලැස්තර අලවනව. රනිල් ඇලෙව්ව, චන්ද්‍රිකා පැලැස්තර ඇලෙව්ව, පේ‍්‍රමදාස ඇලෙව්ව දැන් මේ ගොල්ලොත් අලවනව. නමුත් මේ රට ඉදිරියට ගෙනියන්න පුලූවන් ස්ථිරසාර වැඩ පිළිවෙලකට මේ ගොල්ලන්ට යන්න බැහැ කියන එක සමාජය තේරුම් අරගෙන තියෙනව. මෙහෙ විතරක් නෙමෙයි උතුරෙත් ඒ තත්ත්වය තේරුම් අරගෙන තියෙනව. ඒ තත්ත්වය තුළ ජනතාව අද කල්පනා කරනව මොකක්ද මේකට පිළිතුර කියල. ඒක තුන්වෙනි බලවේගය කියල හඳුන්වනවද මම දන්නෑ. ඒක ටිකක් පරණ වචනයක්. කොහාම වුනත් මේ රටේ ජනතාව විකල්ප ක‍්‍රියාමාර්ගයකට, විකල්ප දේශපාලන දිසාවකට අවතීර්ණ වියයුතු කාලය අද ඇවිල්ල තියෙනව.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්ද කඩනවද, මෛත‍්‍රී කඩනවද කියන එක දන්නෙ නෑ. එවැනි දෙයක් ගැන නෙමෙයි ජනතාව බලන්නෙ. ජනතාව බලන්නෙ මෙතෙක් කල් අනුගමනය කරපු, මේ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න අපොහොසත් වෙච්ච ප‍්‍රධාන ධනේශ්වර පක්‍ෂ දෙකෙන් එහාට ගමන් කරපු විකල්ප විසඳුමක් ඇති, පැහැදිලිව මේ සමාජයට සේවයක් කරන, මේ රටේ අති බහුතරයක් ඉන්න ගොවි ජනතාව හා කම්කරු පන්තියෙ ප‍්‍රශ්න විසඳන්න පුලූවන් වැඩපිළිවෙලක් ඇති දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ ඇති වෙන්න  ඕන කියන කාරණය නිර්මාණය වෙමින් තියෙන බව පැහැදිලියි.

මේ පිළිබඳව දේශපාලන පක්‍ෂයක් වශයෙන් සමාජවාදි එක්සත් පෙරමුණේ දැක්ම කොහොමද?

අපිත් දේශපාලන පක්‍ෂයක් තමයි, නමුත් අපි දේශපාලන පක්‍ෂයක් වුණාට අපි පුළුල් මහජන බලවේගයක් වෙනුවෙන් ඉලක්ක කරගත්ත දේශපාලන පක්‍ෂයක්. අපි හිතන්නෙ නෑ අපි තමයි හරි කියල. අපි හිතන්නෙත් එවැනි දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ ගොනැගිය යුතුව තිබෙනව.

එයින් අදහස් කරන්නේ එවැනි දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැ`ගුණොත් ඒකෙ පං`ගුරයො වෙනව කියන එකද?

පං`ගුකාරයො වෙනවට වැඩිය, අපි එවැනි දේශපාලනයක් අරමුණු කරගෙන වැඩ කරන කණ්ඩායමක් කියල හඳුන්වන්න පුළුවන්. අපේ ඉලක්කය එය. අපි හිතනව අනෙකුත් වාමාංශික ව්‍යාපාර, මේ රටේ කම්කරු පන්තිය, ශිෂ්‍ය ව්‍යාපාර, තරුණ ව්‍යාපාර ඒකාබද්ධ කරගත්ත ජනතා ව්‍යාපාරයක් ඉක්මනින් ගොඩනැගිය යුතුව තියෙනව කියල. රට එන්න එන්න බරපතල අගාදයකට යමින් තියෙන්නෙ. ජනතාව කලකිරිල ඉන්නෙ. විශේෂයෙන් තරුණ පරම්පරාව කලකිරිල ඉන්නෙ. දකුණෙ තුන්වෙනි කැරැුල්ලකට සමාජය මෝරනවද කියන එක අපිට බැහැර කරන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනව එවැනි විනාශකාරී තත්ත්වයකට යන්න නොදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී වැඩපිළිවෙලක් වෙනුවෙන් කම්කරු පන්තිය වාමාංශික ව්‍යාපාරය ගොඩ නැගියයුතු කියන එක. එවැනි වැඩපිළිවෙලක් වෙනුවෙන් අපිට කොටස්කාරයො වෙන්නත් පුළුවන්, අපිට දායක වෙන්නත් පුළුවන්, අපිට  නියමුවො වෙන්නත් පුළුවන්. මතු වෙන, වර්ධනය වෙන තත්ත්වය තුළ තමයි අපිට එක්ට දායක වෙන්න හැකි වෙන්නෙ.

එක්සත් ජාතික පක්‍ෂයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් යන මේ පක්‍ෂ දෙකම ධනපති පක්‍ෂ. ඔවුන් නියෝජනය කරන්නේ මේ රටේ ධනපති පංතිය. ඔවුන් හැමවිටම තීන්දු ගන්නේ බහුතර ජනතාවගේ පැත්තෙ ඉඳලා නෙමේ සුළුතරයක් වූ ධනපති පන්තිය පැත්තෙ ඉඳල. ධනපති පන්තියට විරුද්ධව සටන් කරපු හැම වෙලාවකම ධනපති පන්තිය නියෝජනය කරන මේ පක්‍ෂ එම සටන් මැඩ පැවැත්වුවා. පසුගිය වකවානුවේ කි‍්‍රයාකාරී දේශපාලන පක්‍ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණත්, පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධානත්, උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන් කියන පිරිසත් එකතුවෙලා කරල තියෙන්නෙ මේ දෙපැත්තක තිබුණ ධනපති පක්‍ෂ දෙක එකතු කරන එක නේද? තවත් විදිහකින් කියනව නම් දැන් පාලනය ගෙනියන්නෙ මේ ධනපති පක්‍ෂ දෙකට එකතුවෙලා පොදු ජනතාව පාගගෙන තමන් නියෝජනය කරන ධනපති පංතියට උවමනා විදිහට රට හසුරවන්න පළුවන් තත්ත්වයක පාලනයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනව නේද? ඒ තුළින් මේ වෙන කොට පෙරළන්න බැරි තරම් විශාල කළු ගලක් නිර්මාණය වෙලා තියෙනව නේද?

පැහැදිලිවම ඔව්. ඒ ප‍්‍රශ්නය තරමක් බරපතල ප‍්‍රශ්නයක්. මේ රටේ සිවිල් සමාජ සංවිධාන ගැන අපිට කතාකරන්න පුලූවන්කමක් නැහැ. අපි ඒවත් එක්ක කටයුතු කරන ආකාරය හු`ගක් දුරස්ථයි. මේ රටේ වාමාංශික ව්‍යාපාරයක් විදිහට පැරණි පක්‍ෂ, සමසමාජ පක්‍ෂය, කොමිනියුසිට් පක්‍ෂය ඉතිහාසය පුරාම කෙරුවෙ ඒක. ධනපති පංතියට සේවය කිරීම. 1964 න් පටන් අරගෙන 1970, 1994, 2005 මහින්ද රාජපක්‍ෂ සිට අද දක්වා කෙරුවෙ ධනපතියන්ට සේවය කිරීම. මේ ටටේ ගොවියන්ගෙ, කම්කරු පංතියෙ ජනතාවගේ පංතියෙ ව්‍යාපාරයක් ගොඩනැගීම අතහැරලා ධනපති පංතියට බැලමෙහෙවර කරන කිහිලිකරු බවට පත් වුනා. දැන් තියන ඉතාම ඛේදවාචකය තමයි ජනතා විමුක්ති පෙරමුණ.

වමේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විවේචනය කරමින් තමයි 1964 රෝහණ විජේවීරලා ජනතා විමුක්ති පෙරමුණ බිහිකෙරුවෙ. පැරණි වමේ නායකයන්ගෙ සොහොන්වලට හෙන ගහන්න  ඕන කියල කිව්ව කරපු අපරාධවලට. නමුත් අපිට පේන්නේ 1994 ඉඳල ගත්තොත්, 1994 චන්ද්‍රිකත් එක්ක එක්තරා විදිහක ගිවිසුමකට එළඹෙන්න ලැබුණ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න කියල. 2005 ඉඳල මහින්ද මහතා දිනවීමේ ගාමක බලවේගය බවට කටයුතු කෙරුවෙ ජනතා විමුක්ති පෙරමුණ. ඊට පස්සෙ ඒකෙන් අයින් වුණා. ඊට පස්සෙ 2010 සරත් ෆොන්සේකා දිනවන්න එක්සත් ජාතික පක්‍ෂයත් සමග සම්මුති ගැහැව්වා. ගහල වේදිකා හදල වැඩ කෙරුව. පසුගිය ජනාධිපතිවරණයේ දී පක්‍ෂයේ අර්භූදය නිසා එක වේදිකාවට නංගෙ නෑ. නමුත් වෙන තැනක ඉඳල මෛත‍්‍රීපාලට ඡුන්දෙ දෙන්න. රනිල්ලා දිනවන්න කියන උද්ඝෝෂණය තමයි ජනතා විමුක්ති පෙරමුණ ගෙනිච්චෙ. ඔබ කියන විදිහට අද හොල්ලන්න බැරි කළුගලක් නිර්මාණය වෙලා තියෙනව නම් ඒකෙ ප‍්‍රධානම චෝදනාව එල්ල වෙන්න   ඕනැ සිවිල් සමාජයට නෙමේ ජනතා විමුක්ති පෙරමුණට. ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ දේශපාලන බලවේගයක්. යම් ක‍්‍රියාකාරකමක් සමාජයේ පවතින බලවේගයක්. ඒ බලවේගය දිගටම ඇවිල්ලා, 1994, 2005, 2010, 2015 හරහා මේ තත්ත්වය නිර්මාණය කරල, දැන් පාර්ලිමේන්තුව ඇතුළට වෙලා බොහොම සුදනො වගේ කතා කරන තත්ත්වයක් තියෙනව. ¥ෂණයට විරුද්ධව කතා කරනව. මේ ධනපති ක‍්‍රමය තුළ ට විරුද්ධව කතාකරනව කියන එක විහිළුවක්.  මම කියන්නෙ නෑ ¥ෂණය කරනකොට ඇස්පියාගෙන කට වහගෙන ඉන්න කියල. නමුත් අපි තේරුම් ගන්න  ඕනැ ධනේෂ්වර ක‍්‍රමයෙ ගර්භාෂය ඇතුළෙයි ¥ෂණය තියෙන්නෙ. ¥ෂණයෙන් තොර ධනපති ක‍්‍රමයෙක් ලෝකෙ කොහෙවත් නෑ. ඉන්දියාවෙ තියෙනවද? ඇමරිකාවේ තියෙනවද? බි‍්‍රතාන්‍යයෙ තියෙනවද? ලෝකෙ කොහවත් නෑ. හැම ධනපති රාජ්‍යයක්ම අතිශය ¥ෂිතයි. ඒකට විරුද්ධව කතා කෙරුවට කමක් නෑ. මේගොල්ලන්ගෙ අද එකම මාතෘකාව ¥ෂණ විරෝධය පමණයි. පාර්ලිමේන්තුවෙත් එළියෙත් එකම කතාව. ජනතාව දහසකුත් එකක් ප‍්‍රශ්නවලට අද මුහුණ දෙමින් ඉන්නව. ජනතා විමුක්ති පෙරමුණ ¥ෂණය ගැන කතා කරල ඇත්ත ප‍්‍රශ්න වලින් මගඇරල ඉන්න ගතියක් පේන්න තියෙනව. වික‍්‍රමබාහුලත් මේ තත්ත්වයට අතිශයින්ම වගකිව යුතුයි. වික‍්‍රමබාහු කාලයක් තිස්සේ යම් නිවැරදි ක‍්‍රියාමාර්ගයක හිටපු දේශපාලඥයෙක්. අද තනිකරම මේ ආණ්ඩුවෙ කිහිලිකරුවෙක් බවට පත්වෙලා තියෙනව, ඉතාමත් කණගාටුදායක විදිහට.
අද යූ.එන්.පී. – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ආණ්ඩුව නිර්මාණය වෙලා තියෙනව. එහෙම නැතිව ඒ ගොල්ලන්ට යන්ඩ බෑ. ඒකයි ඒ පියවර යනන සිද්ධවෙලා තියෙන්නෙ. මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්න පුළුවන් කියල, මේ රටේ මාධ්‍ය කිව්වද?, දේශපාලඥයො කිව්වද? නෑ. මේ රටේ ප‍්‍රධාන විද්‍යුත් නාලිකා දෙකක් මගෙන් ඇහුවාම මම කිව්වා 2004 සුනාමි ආවාම වගේ තමයි මහින්ද රාජපක්‍ෂ පරදින්නෙ කියල. එදා අපි නිදාගෙන උදේ බලනකොට ලංකාවෙන් බාගයක් විතර විනාශ වෙලා. ඒ වගේම මහජන බලවේගය කියන එක නිර්මාණය වෙනව. ඉතිහාසය කියන එක, එක තැන පල්වෙන්නෙ නෑ. නායකයො නැතත්, පක්‍ෂ නැතත් ඉදිරියට ගමන් කරනව. සමාජය එක තැනක හිටින්නෙ නෑ. මහා ගංවතුරක් එනකොට හරිවිදිහට මෝය කට කැපුවෙ නැත්නම් කඩා ගෙන, ගෙවල් විනාශ කරගෙන මුහුදට වතුර යනව වගේ, මේක කඩාගෙන යනවමයි. මහජන පීඩනය කියන එක පුපුරනව. මම හිතනව ඔය කියන විදිහට යෝධ කළුගලක් වගේ නිර්මාණය වුණයි කියන යූ.එන්.පී. ශ‍්‍රී ලංකා හවුල් ආණ්ඩුව ඒතරම් ශක්තිමත් කියල මම හිතන්නෙ නෑ, මාක්ස්වාදය ගැන විශ්වාසයක් තියෙන අයෙක් හැටියට. මේවා ඉදිරි සමාජ නැගිටීම්වලදී ගංවතුරට අහුවුන පරඬැල් වගේ ගහගෙන යනව.

1970 දි බලයට පත් වූ, ජාතික චින්තනයකින් යුතුව ස්වයංපෝෂිත දේශීය ආර්ථිකයක් කරා රට මෙහෙය වීමට සූදානම් වූ රජයක්, 1971 දි ආයුධ සන්නද්ධව අරගලයකින් පෙරලන්න හදලා ජ.වි.පෙ. විප්ලවය දියකර හැරිය. ඉන්පසුව ජනතා පපීඩනයක් එන හැම අවස්ථවකදීම ජ.වි.පෙ. එම තෙරපුමේ කොඳුනාරටිය බවට පත්වෙලා, ජයග‍්‍රහණයකින් තොරව එම බලවේගය දියකර හැරිය. ඔබ කිව්ව වගේ වරක් චන්ද්‍රිකාටත්, වරක් මහින්දටත්, තවත් වරක් ෆොන්ස්කාටත්, මෙවර යූ,එන්.පී. ශ‍්‍රී ල. නි. ප. හවුලටත් ජනතා බලවේගය එකතුකරල දුන්න. ෆොන්සේකා හැර අනිත් අය ජයගත්ත. මේ නිසා සමහරු කියනව, ජ.වි.පෙ. කියන්නේ, ඇමරිකාව ඇතුළු ධනපති රටලවලින් ආධාර ලබන ශ‍්‍රී ලංකාවේ සී.අයි.ඒ. නියෝජිතයන් කියල.

මට නම් එහෙම චෝදනා කරන්න තරම් සාක්‍ෂි නැහැ. මට කියන්න තියෙන්නෙ දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජානතා විමුක්ති පෙරමුණ මේ රටේ අති විශාල සටන්කාමී ග‍්‍රාමීය පංතියක් නියෝජනය කරන පක්‍ෂයක් කියලයි. අධ්‍යාපනයක් ලැබුවට සුදුසු රැුකියාවක් නෑ. තමන්ගෙ දෙමාපියන්ට සලකන්න විදිහක් නෑ. සහෝදර සහෝදරියන්ට සලකන්න විදිහක් නෑ. එයින් පීඩනයට ලක් වූ තරුණ රැුඩිකල් බලවේගයක් හැටියට තමයි ජනතා විමුක්ති පෙරමුණ ආවෙ. නමුත් නායකත්වයේ හැසිරීම ගැන නම් මම ඉස්රවෙලාත් කිව්ව විදිහට බරපතල ප‍්‍රශ්න මතුවෙනව. නමුත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ගත්තොත් අපි අද කතා කරන මේ මොහොත (2016.08.10* වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ පහළ බලවේග ජනතා විමුක්ති පෙරමුණ ගැන කලකිරෙමින් සිටිනව. ජනතා විමුක්ති පෙරමුණ කාගෙහරි කොන්ත‍්‍රාත්තුවක් ද මේ ඉෂ්ට කරන්නෙ කියල ඔවුන්ට තේරෙනව.
අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව ඇතුළෙදි කෑගහනව.  ඒවා මාධ්‍යවලින් ප‍්‍රචාරය වෙනව. සමහර අය හිතනව හරි හොඳයි කියල. ඒකෙ වරදක් නෑ. අද එතන තමයි ඔවුන් නතර වෙලා තියෙන්න. ඒ වගේම මම හිතනව අද පවතින නව ලිබරල් ආර්ථිකයේ ඒ ගොල්ලො කොටස් කාරයො වෙලා තියෙනව කියල. ඒක තමයි ඇත්ත. ඒ ගොල්ලන්ට අද විකල්ප වැඩපිළිවෙලක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලය අතඇරල ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණට සමාජවාදී වැඩපිළිවෙලක් නෑ. ඒ නිසා තමයි ඒ ගොල්ලො නව සමාජවාදයක් කියල දෙයක් ගැන කතා කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ ජාත්‍යන්තර දැක්ම මොකක්ද කියල කිසි පැහැදිලිකමක් නැහැ. ඒ ගොල්ල යම් දුරකට සමීප චීන ආකෘතියට. අද චීනය ධනේශ්වර, ධනවාදී ප‍්‍රබල රටක් හැටියට පත්වෙලා තියෙනව රතු කොඩිය යටතේ.

අපේ රතු කොඩියට වැඩිය ජේ.වී.පී. එකේ රතු කොඩිය ලොකුයි. ජ.වි.පෙ. මැයි දින වේදිකාවෙ මාක්ස්, එංගල්ස්, ලෙනින් ඔක්කොම ඉන්නව. නමුත් අභ්‍යන්තරය ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ මාක්ස් වාදයටවත්, සමාජ වාදයටවත් කිසිම සම්බන්ධයක් නැහැ. ඒක රැුඩිකල් බලවේගයක් විදිහට ගොඩනැගිල තියෙනව. ඊළ`ග පියවර හැටියට කම්කරු පංති ව්‍යාපාරය, අනෙකුත් වමේ ව්‍යාපාරත් එක්ක එකතුවෙලා යන්න  ඕන ගමන වෙනුවට ඒ ගොල්ලො පීලි පැනල වෙනත් මාවතක ගමන් කරනව.

මෙතනදි ජනතා විමුක්ති පෙරමුණ එල්.ටී.ටී.ඊ.යත් සමග. පුංචි සංසන්ධනයක් කරන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ. සංවිධානය තමන්ට සමගාමී  අනිකුත් ව්‍යාපාර විනාශ කරල, මරලා දාලා තමන්ට විමුක්තිය ලබාදෙන්න පුළුවන් කියල, තමනුත් විනාශවෙලා ගියා. ජනතා විමුක්ති පෙරමුණත් ඒකම තමයි මේ දකුණේ කරමින් සිටින්නේ. එක්තරා විදිහකින් දකුණෙ අනිකුත් ව්‍යාපාරවලට නින්දිත විදිහට පහර ගහල, විවේචනය කරල තමන්ට වෙනම ගමන් කරන්න පුළුවන් කියල ගමන් කරල, තමන්ගේම පාරේ විනාශය කරා ගමන් කරමින් සිටිනව.

අපි පොරොන්දු දේශපාලනය ගැන කතා කරමු. ඒකට දිගු ඉතිහාසයක් තියෙනව. එක මැතිවරණයකදි මැතිවරණ පොරොන්දුවක් වෙන්නෙ හඳෙන් හරි හාල් ගෙනත් දෙනව කියන එක. ජේ.ආර්. ධාන්‍ය රාත්තල් අටක් (ඇට අට* දෙනව කියනව. එතන ඉඳල දිගටම පොරොන්දු දේශපාලනයට රැුවටුන ජනතාවක්, නැවත නැවත රැුවටෙමින් ඉන්නව. එහි අද තත්ත්වය කුමක්ද? අනාගතයෙත් එයට ඉඩක් තියෙයි ද?

මේක බරපතල ප‍්‍රශ්නයක්. මාධ්‍යයත් එක්තරා දුරකට මේකට වගකියන්න  ඕනෙ. හැම මැතිවරණයක් එනකොටම මේ දේශපාලන පක්‍ෂ අලූත් මැතිවරණ පොරොන්දු ප‍්‍රකාශනයක් දානව. ඒකෙදි ඒ ගොල්ල කලින් මැතිවරණයේ දී දෙන ලද ප‍්‍රකාශනයත් එක්ක කිසිම සංසන්ධනයක් කරන්නෙ නෑ. ඒගොල්ල බලයේ හිටි කාලයේ කොයිතරම් දුරට කලින් වතාවේ පොරොන්දු ඉටු කරල තියෙනවද කියල ජනතාවට හේතු දැක්වීමක් කරන්නේ නෑ. ඉතාම සුන්දර වචන, සුන්දර පොරොන්දු දෙනව. හඳෙන් හාල් දෙන තැන ඉඳල මෝටර් බයිසිකළේ යන කෙනාට කාර් එකක් දෙනවා කියන අද දක්වාම පොරොන්දු දීමේ දේශපාලනයක් තමයි කෙරෙන්නෙ.  ජනතා විමුක්ති පෙරමුණත් එහෙමයි. පහුගිය ජන්ද පහකදි මැතිවරණ ප‍්‍රකාශන පහක් තියෙනව. කොහොමද වාමාංශික පක්‍ෂයක් මෙහෙම වෙන්නෙ. මේවා එකිනෙකට පරස්පරයි. අපේ පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රකාශනය මීට වසර පහළොවකට විතර ඉස්සර සාමාජිකයන් විසින් අනුමත කරපු එකක්. කාලීන වෙනස්කම් කරන්න පුලූවන්. නමුත් ඒකේ මූලික දැක්ම, මේ රටේ සමාජ ආර්ථික අර්බූදයට මොකක්ද දෙන විසඳුම කියන එකේ වෙනස්කමක් නැහැ. අලූත් ප‍්‍රශ්න එකතු වෙනවත් එක්ක පුංචු පුංචි දේවල් එකතුවෙන්න පුලූවන්. පොරොන්දු දේශපාලනය ගැන ජනතාව දැන්වත් තේරුම් ගන්න  ඕනැ. මේවට තවදුරටත් රැුවටෙනවද කියල හිතන්න  ඕනෙ. මේවට විශාල ප‍්‍රචාරයක් දෙනව. සල්ලිත් වියදම් කරනව. ඒවට ජනතාව රැුවටෙනව. මේවටත් අවසානයක් එමින් තියෙන්නෙ කියන එක තමයි මගෙ අදහස.

නව ලිබරල් වාදයෙන් රට ගොඩනැගීම ගැන තමයි හැමෝම කතා කරන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ ධනවාදී රටවල් වල ආකෘතියකට අපේ රටේ ආර්ථිකය මෙහෙයවීමට සූදානම් වෙනව කියන එකයි. කෘෂි ආර්ථිකයක් තියෙන, බහුතර ග‍්‍රාමීය පරිසරයක් තියෙන අපේ වගේ රටකට නව ලිබරල්වාදය ගැලෙපෙයි ද?

නව ලිබරල්වාදය කියන්නෙ ධනපති රටවල් විසින් යටත් විජිත පාලනයක් තිබුණ සමයේ කරන ලස සූරාකෑමේ අලූත් අවධිය. මේකෙ හමුදාවල් නෑ. අවි ආයුධ පරිහරණය වෙන්නෙ නෑ. මේකෙ සුදු පාලකයෝ මේ මහපොළොව මත පේන්න නෑ. නමුත් ආර්ථික ප‍්‍රතිපත්තිය හරහා අපේ වගේ රටවල්වල තියෙන සම්පත් පෘතුගීසින්, ලන්දේසින් සූරාගෙන කාලා තමයි ඔය ධනපති රටවල් දියුණුයි කියන තැනට පත්වුනේ. නව ලිබරල්වාදය කියන ධනේශ්වර ක‍්‍රමයේ නව අවදිය. ඒ අය උත්සාහ කරන්නේ ආර්ථික වශයෙන් අපේ සම්පත්, අපේ මහ පොළොව පවා විනාශ කරල දාලා, සමාජය තුළ ඇති නැති පරතරය මහා විශාල තැනකට ගෙනැවිත්, හි`ගන රටවල් බවට පත්කිරීම තමයි ඔවුන්ගෙ අරමුණ. අතලොස්සක් සුපිරි ධනපති පංතියක් ලංකාවෙත් හැදෙයි.  ඒක ඉතාමත් කුඩා ප‍්‍රමාණයක්. ඊළ`ගට මධ්‍යම පංතියක් යම් ප‍්‍රමාණයක් හැදෙයි. ඊට පස්සෙ බහුතර ජනතාව දුගී දුප්පත්කමේ අනන්තයට දාලා කනත්තට දක්කන ඒකයි මේ කරන්න හදන්නෙ. මේක මහා විනාශකාරී තත්ත්වයක්. මේ විනාශකාරී තත්ත්වය තුළ අපි කොහොමද මේ නව ලිබරල් ආර්ථිකයට විරුදධ වෙන්නෙ කියන එක බරපතල ප‍්‍රශ්නයක්.

අපේ රටේ වාමාංශික ව්‍යාපාරය තුළ දැක්මක් තියෙන්නෙ අපිට පමණයි කියල නිහතමානීව කියන්න පුලූවන්. ජනතා විමුක්ති පෙරමුණ කොහොමද නව ලිබරල් වාදයට විරුද්ධ වෙලා සටන් කරන්නෙ. මොකක්ද ඒ ගොල්ලන්ගෙ ජාත්‍යන්තර දැක්ම. ඒ ගොල්ලොන්ගෙන් කැඩුන පෙරටුගාමී පක්‍ෂය, ජාත්‍යන්තර දැක්ම කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව ඇති. ජාත්‍යන්තර දැක්ම කියන්නෙ විදේශිකයන් දෙතුන් දෙනෙක් මැයි දින වේදිකාවට ගේන එක නෙමෙයි. කාල්මාක්ස් ඉතා බරපතල විග‍්‍රහයක් කරපු දෙයක්. ඒ නිසා අපි ඉන්දියානු කම්කරු පන්තිය, බංගලාදේශ කම්කරු පන්තිය අඩුම තරමින් දකුණු ආසියාවේ කම්කරු පන්තියත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි අපිට නව ලිබරල් වාදය පරාජය කරන්න පුලූවන්. ලංකාව කියන වර්ග සැතපුම් 25000 ක පුංචි ¥පත ඇතුළෙ අපට නව ලිබරල්වාදය පරාජය කරන්න බැහැ. අත්ත ඒකයි. යථාර්ථය ඒකයි.

ඉන්දියාවේ මෝදිගෙ ආණ්ඩුවට විරුද්ධව බරපතල නැගිටීම් තියෙනව. මේ වන විට කාශ්මීර් ප‍්‍රශ්නයට බරපතල නැගිටීමක් තියෙනව. ඒකට කාශ්මීරයේ ජනතා නැගිටීමක් තියෙනව. මෝධිගෙ ආණ්ඩුව ඒකට බරපතල මර්ධයක් දියත් කරල තියෙනව. ජ.වි.පෙ.ට තියෙන්නේ ඉන්දියානු විරෝධයක්. ඉන්දියානු විරෝධයක් තිබිල කොහොමද ඉන්දියානු කම්කරු පන්තියට ආමන්ත‍්‍රණය කරන්නෙ? අපි ඉන්දියාවේ ධනපති පංතියට විරුද්දයි, අපි ඉන්දියාවේ පාලක ධනපති රජයට විරුද්ධයි. අපි ඉන්දියාවෙ කම්කරුවොත්, ගොවි ජනතාවත් එක්ක සහකරුවො වෙනව. ඒ අයත් නව ලිබරල්වාදය නිසා බැටකනව. අපි කුඩා රටක් ඒ නිසා තනියම අපිට මේකට මුහුණ දෙන්න බැහැ. අපි දකුණු ආසියාතික මට්ටමින් බලවේගයක් ගොඩ නැගිය යුතුයි. ගොඩ නැගෙමින් තියෙනව. තාම ඒ ගොඩනැගීම ඒකාබද්ධ වෙලා නැහැ. ඒ ගොඩනැගෙන බලවේග හරහා තමයි අපිට නව ලිබරල්වාදයට මුහුණ දෙන්න තියෙන්නෙ. ආසියාතික පදනමෙන් අපිට අපේ ජීවන රටාව සකස් කරගන්න පුළුවන් වෙනව. අපට ප‍්‍රමාණවත් සම්පත් තියෙනව. ඉන්දියාව, ලංකාව, බංගලාදේශය එකතුකර ගත්තොත් අපට ප‍්‍රමාණවත් සම්පත් තියෙනව. නමුත් අපිට ලංකාව හැටියට තනිවම ඒකට මුහුණ දෙන්න බෑ.

අපි අද ගතකරමින් ඉන්නේ නිදහස ලබා ගැනීමෙන් පසුව ගත වන හත්වෙනි දශකයේ අවසාන භාගයෙ. එදා මෙදා තුර යූ.එන්.පී., ශ‍්‍රී ලංකා, එහෙමත් නැත්නම් හවුල් ආණ්ඩු, සන්ධාන ආණ්ඩු කොපමණ බලයට පත්වුනත් අපේ රට තවමත් එකතැනම නේද? ජනතාගේ ජීවන වියදම වැඩිවෙනව. රට ණය බරින් මිරිකෙනව. විරැුකියාව වැඩිවෙනව. සේකවකයන්ට සාධාරණ වැටුපක් නැහැ. අපි බොහොම පසුගාමී තත්ත්වයක නේද ඉන්නේ?

මමත් හිතනවා මේක දිය බෙදුමක අවස්ථාවක් කියල. වෙනසක් ඇති වෙන්න කාලය මෝරලා තියෙන්නෙ. ඔබ කිව්ව වගේ අර පක්‍ෂය, මේ පක්‍ෂය, සංධාන මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නෙ. ඒ නිසා ඉදිරිකාලය ගැන අපි සුභවාදී බලාපොරොත්තු තියාගන්න  ඕනෙ. බලාපොරොත්තු නොවන විදිහේ ජනතා බලවේග ඉදිරි වසර දෙක, තුන, පහ, හය ඇතුළු කාලයේ ඇති වෙනව. මම කියන්නෙ නෑ අද හෙට වෙනවා කියල තව කාලෙකදි මෙම පීඩනය පුපුරණව. ඒක ලෝකයේත් ඇති වෙමින් තියෙන්නෙ. බර්නිසෑන්ඩිස් හරහා පේන්නේ එක. එංගලන්තෙ ජෙරමි කෝපින් හරහා පෙන්නෙ එක. ඇමරිකාවේ මිනිස්සු කවදාවත් සමාජවාදය කියන දේ ගැන කතාකෙරුවෙ නෑ. අද ඉතා බරපතල විදිහට ධනපති රජයන් ජනතා නැගිටීම්වලට මුහුණ දීමට සිදුවෙමින් තියෙනව. සමාජ වාදය කියන වචනයවත් දැනගෙන හිටියෙ නැති ඇමරිකානුවෝ අද සමාජවාදය කියන වචනය ඉස්සරහට දාලා තියෙනව. ග‍්‍රීසිය පවා ආර්ථික කඩා වැටීමකට ලක් වුනා. ලෝකෙ රටවල් ඒ ගැන තැතිගැන්මකින් ඉන්නව.

බි‍්‍රතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වීම, අද එක ප‍්‍රවනතාවයක් බවට පත් වෙමින් එන්නෙ. ජර්මනිය, ග‍්‍රීසිය, ඉතාලිය, ස්විඩනය වගේ රටවල් හිතුවෙ යුරෝපා හවුල ඇති කෙරුවට පස්සේ ඒ රටවල් දිව්‍යලෝකයක් වෙනව කියල. දැන් ඒකෙ අනිත් පැත්ත ගැන කතා කරන්නෙ. මේක අපිට හෙණයක් පතිතවුණා වගේ කියලයි ඔවුන් දැන් කියන්නෙ. අපි 77 ජේ.ආර්. ගෙ ව්‍යවස්ථාව ගැන කතා කරනව වගේ. යුරෝපා හවුලත් සීසීකඩ කඩාගෙන වැටෙන්න නියමිත වෙලා තියෙනව. 1990 සෝවියට් දේශය කඩාගෙන වැටිල අවුරුද් 25 ක් පමණ වෙනව. ඒ කාලයත් එක්ක දැන් සමාජවාදය ගැන කථිකාව ලෝකයේ දැන් ආරම්භ වෙන්න පටන් අරගෙන තියෙනව.  ඒ නිසා මම හිතනව අපිට සුභවාදී බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන්න පුලූවන්.
ලංකාවේ සමාජවාදය පිහිටුවන්න බෑ. ඒක ජේ.වී.පී. එකට විජේවීර දුන්න සම්පූර්ණ මිත්‍යාවක්. විජේවීරගෙ ව්‍යාපාරයේ උතුරේ කොටස් හිටියෙ නෑ. ඔහු කරන්න හැදුවෙ දකුණෙ සිංහල සමාජවාදය. පෙරටුගාමී පක්‍ෂය කරන්නෙත් ඒක. අපි ජත්‍යාන්තර මාක්ස්වාදීන්. ඔබ කීව වගේ ග‍්‍රීසියෙ ප‍්‍රශ්න ගණනාවක් මතුවෙමින් තියෙනව. ග‍්‍රීසියේ විශාල පෙරළිකාර තත්ත්වයක් මතුවෙමින් ඉන්නව. එහි නායකයන් ගිවිසුම් ගහල ඉන්නව. ඒ තත්ත්වය තුළ ලංකාවෙත් එම ව්‍යාපාරවල කොටස් කරුවන් හැටියට වැඩ කරල තමයි අපිට ඉස්සරහට යන්න පුලූවන් වෙන්නෙ. එවැනි ඉදිි දර්ශනයක් ඇතුව වැඩ කරන්නේ එක්සත් සමාජවාදී පක්‍ෂය කියල කියන්න පුලූවන්.

උතුරේ ජනතාව පසුගිය මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් වුනා. උතුරට දෙන බවට පොරොන්දු වූ සංහිඳියාව දැන් ඇතිවෙලා තියෙනවද?

ප‍්‍රභාකරන් පොරොන්දු වුනා උතුරේ ජනතාවට ඊලම් රාජ්‍යයක් දෙනව කියල. උතුරෙ තිස් අවුරුදු යුද්ධයක් පැවතුනා. ඔවුන් විශාල බලාපොරොත්තු තියාගෙන හිටිය. විශාල පරිත්‍යාග කෙරුව. දරුවො, ලේ, ජීවිත, මිනිස්සු, සම්පත් පරිත්‍යාග කෙරුව. කරන්න පුලූවන් උපරිම පරිත්‍යාග කෙරුව. මිනිස්සු වෙස්සන්තර වගේ දන් දුන්න. ඒ සියලූම දේවල් කඩාගෙන වැටුණ. ඊට පස්සේ යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් මේ ධනේශ්වර ක‍්‍රමය තුළ ඔවුන්ට ලැබිල තියෙනව. මිනිස්සුන්ගෙ හිත්වල තිබුණ මහින්ද, ගෝඨා විරෝධයට මෛත‍්‍රීපාල සිරිසේන ඇවිල්ල ජනතා බලාපොරොත්තු ඇති කෙරුව. 90% ක පමණ ජනතාවක් මහින්දට, ගෝඨට විරුද්ධව ඡුන්දය පාවිච්චි කෙරුව. ද්‍රවිඩ සංධානෙ නායකයො කිව්ව ඔය ගොල්ල මෛත‍්‍රීට ඡුන්දය දෙන්න අපි ප‍්‍රශ්න විසඳල දෙනව කියල. අවුරුදු දෙකක් ගෙවිලත් ජාතික ප‍්‍රශ්නය විසඳන දිහාට දශමයක් ගමන් කරල නැහැ. ලස්සන සුන්දර වචන කියනව. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තය කියන්නෙ, ආයුධ වලින්, පාරවල්වල තාර දාලා සංහිඳියාව ඇති කරන්න බැහැ. මිනිස්සුන්ගෙ හදවත්වල සංමිඳියාව ගොඩනගන්න  ඕන කියල. කියන කතාව හරි කෝ ඉතින් සංහිඳියාව ගොඩනැගෙනව. මිනිස්සුගෙ හදවත්වල සංහිඳියාව ගොඩනැගෙනවද? මම හිතනව උතුරෙ ජනතාව, දකුණෙ ජනතාව වගේම බරපතල කලකිරීමකට ගමන් කරල තියෙනව. ඔවුන්ට තමාගේ අනාගතයක් පේන්න නෑ. උතුරෙ ජනතාවට මේ රටේ ජීවත්වීම පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. ඔවුන්ට විදේශගත වෙන්න පුලූවන් නම් ඔවුන් විදේශ ගත වෙනව. උතුරේ ජනගහනය දිනපතා අඩුවෙනව.

දැන් කියනව විදේශගත ජනාතව එන්න, ඩයස්පෝරාවට එන්න කියල. ඔවුන් එනව. ඔවුන් එනව කියන එක පට්ටපල් මුසාවක්. අද දෙමළ ජනතාව බරපතල කලකිරීමකින් ඉන්නව. අපිට දෙමළ ජනතාවගෙ යම් ඇහුන්කම් දීමක් තියෙනව. ජාතික ප‍්‍රශ්නයට මොකක්ද තියෙන විසඳුම? ව්‍යවස්ථාවක් සම්පාදනය වෙනව ඒකට බාලගිරි දෝෂය. අද නෙමෙයි හෙට වගේ. පටන් ගත්තෙ සතියෙන් දෙකෙන් ඉවර කරනව වගේ. ඒත් ක‍්‍රියාත්මක නෑ. රනිල්ගේයි තව අයගේ ඔළුගෙඩිවල අදහස් ඇති ඒත් ක‍්‍රියාත්මක නෑ.

අනිත් පැත්තෙන් මහින්ද ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථා මර උගුල කියල පැලිච්ච බෙරේ ගහ ගහ යනව. උතුරෙ අද තියෙන බරපතල කලකිරීමක් ඇති වෙමින් තියනව. මම හිතන්නේ නෑ යුද්ධයකට ගමන් කිරීමට තරම් ශක්තියක් විශ්වාසයක් තියෙනව කියල. නමුත් ඒ අය ඉන්නෙ බරපතල කලකිරීමක.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *