ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා දැනටමත් අරඹා ඇති බව රොයිටර් පුවත් සේවය වාර් තා කරයි

 

ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය පැවසූ බව රොයිටර්  පුවත් සේවය වාර්  තා කොට ඇත.

එම වාර් තාවන්ට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා සුහදශීලීව පැවති බවය.

එහිදී ඉන්දියාව වැඩිදුරටත් පවසා ඇත්තේ ආර්ථික ර්අබුදයෙන් බැට කන සිය අසල්වැසියාට දිගුකාලීන ආයෝජන හරහා සහාය ලබාදීමට සූදානම් බවය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වන වැඩසටහනක් සඳහා කඩිනමින් අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබෙන බව රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් ‘අද දෙරණ’ වාර් තා කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *