රටින් ගෙනා සහල් වල සහල් තිබී නැති බවට වාර් තා !!!
මෙරටට විදේශයෙන් ආනයනය කළ සහල්වල සහල් ඇටයක්වත් නොතිබූ බවත්, තිබුණේ ඊයම්, කැඩ්මියම් , ර්මකරි , කැඩ්මියම් පමණක් බවත්, අද මෙරට ප්‍රධාන පුවත්පත් දෙකක් පළ කොට වෙනත් මාධ්‍ය මගින් ද උපුටා දැක් වූ පුවතකින් හෙළිදරව් වෙයි.
එම පුවතට අනුව එම සහල්වල ඊයම් සියයට 47 ක් ද, ර්මකරි සියයට 20 ක් ද, කැඩ්මියම් සියයට 26 ක් ද, සෙලනියම් සියයට 47 ක් ද තිබු බව ර්පයේෂණ වාර්තා මගින් තහවුරු වී තිබේ.
ඒ අනුව සියයට 47 ක් ඊයම් තිබුනේ නම් සහල් කිලෝ සියයකින් කිලෝ 47 ක් ඊයම් ය. එමෙන් ම සහල් කිලෝ සියයක තිබෙන කැඩ්මියම් ප්‍රමාණය කිලෝ 26 කි ර්මකරී කිලෝ 20 කි. සෙලනියම් කිලෝ 47 කි.
එයින් පෙනෙන්නේ සහල් කිලෝ සියයක ඉහත කී ද්‍රව්‍ය කිලෝ 140 ක් තිබු බව යි. එයින් කිලෝ 40 ක් වැඩිපුර ද තිබී ඇත.
එවිට සහල් ඇටයක් වත් තිබෙන්නට විදිහක් නැත.
ප්‍රධාන පුවත්පත් දෙකක් ම කියන ආකාරයට කතාන්දරය එහෙම ය.