විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න බැරි වෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

 

වැඩ කිරීම මෙන් ම ප්‍රචාරය ද අවශ්‍ය බවත්, එසේ වුව ද , එල්ල වන විවේචන සියල්ලට උත්තර දෙන්නට නොයන ලෙසත්, තමාට එල්ල වූ සියලු විවේචනවලට උත්තර දෙන්න ගියා නම් මේ කිසිවක් කරන්න නොහැකි වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලුතින් පත් වූ ඇමතිවරුන්ට උපදෙස් දෙමින් ප්‍රකාශ කොට ඇත.

හරි දේ කරන්න කිසිවිට බිය නොවන ලෙසත්, තමන්ගේ නිවෙසට ගිනි තැබූ මොහාතේ බිය වුවා නම් මේ ගමන එන්න නොලැබෙන බවත්, ජනාධිපතිතුමා වැඩි දුරටත් පවසා තිබේ.

විවේචන නොතකා තමා වැඩ කරගෙන ගිය බව කී ජනාධිපතිතුමා තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වී ඇති අතර විවේචන කළ අය තවමත් විවේචන කරමින් සිටින බව ද කියා ඇත.

මහ රැජිනගේ  අවමගුල් උළෙලට සහභාගී වීමට ලන්ඩන් බලා පිටත්වීමට පෙර සිකුරාදා දිනයේ ඇමති මණ්ඩලයේ නවකයින් කැඳවා ජනාධිපතිතුමා මෙම උපදෙස් දීම සිදු කළේය.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගී වී ඇති අතර ප්‍රචාරක කටයුතු සහ මාධ්‍ය සමග ක්‍රියා කළ යුතු ආකාරය ගැන නව ඇමැතිවරුන් දැනුවත් කිරීම මෙහි දී සිදුකොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *