ශ්‍රී ලංකාවේ විදේශීය ණය හිමියන්ගේ සමුළුවක් 23 දා

 

ශ්‍රී ලංකාවේ විදේශීය ණය හිමියන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ලබන සිකුරාදා ,23 දා පැවැත්වෙන ක්ලිෆඩ් චාන්ස් උපදේශක සමාගම ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ණය තත්ත්වය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් සම්මුතිය, මෑත කාලීන ප්‍රතිසංස්කරණ සහ ආර්ථික තත්ත්වය පිළිබඳව ණය හිමියන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් ලෙස මෙය පැවැත්වෙයි.

අන්තර් ජාලය ඔස්සේ පැවැත්වෙන මෙයට ශ්‍රී ලංකාවේ බලධාරීන් සම්බන්ධ වන ප්‍රශ්න උත්තර සැසියක් ද ඇතුළත් ය. ණය හිමියන් මතුකරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමේ අවස්ථාවක් එමගින් ඔවුන්ට හිමිවෙයි.

මෙම අතත්‍ය සමුළුව ලබන 23 දා සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 5.30 ට පැවැත්වෙන අතර එය නිව් යෝක් වේලාවෙන් පෙරවරු 8.00 වන අතර ලන්ඩන් වේලාවෙන් පස්වරු 1.00 වෙයි.

මේ සඳහා ණය හිමියන් ලියාපදිංචි කිරීම ක්ලිෆඩ් චාන්ස් වෙබ් අඩවිය ඔස්සේ දැන් සිදුකරමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *