අරගල කරන්න කලින් කරන හැටි ඉගෙනගන්න – හිටපු “මැකෝ ” මහින්ද දේශප්‍රිය

 

තරුණයින් අරගල කරන්නට පෙර අරගල කරන හැටි ඉගෙන ගත යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

තම අරගලයට සහය දුන් බව බොහෝ දෙනා දන්නා බවත්, තනියම පෝස්ටර් ප්‍රදර්ශනය කළ ආකාරය හැමෝම දුටු බවත්, එසේ නමුත් තමන්ගේ නිවසට ද පහර දීමට මැයි 9 දා පිරිස් පැමිණි බව ඒ මහතා පැවසීය.

එය සිදුවුයේ 9 දා අරගලකරුවන්ට සිදු වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් ඔවුන්ට සහය පළ කිරීමට තමා කොලඹට පැමිණ සිටිය දී බව ද ඒ මහතා කීය.

තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ  අභ්‍යන්තරයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී  ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන්  බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් පැවසීය.

අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවද  ඔහු සඳහන් කළේය.

දේශප්‍රිය මහතා මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹදී සංවිධාන කෙරුණු වැඩ සටහනකට සහභාගි වෙමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *