මා හැම විට ම කළේ නිවැරදි දේ ; ජනතා විශ්වාසය තියෙන්නේ මටයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් තමන්ට ජනතා සහාය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.. ඔස්ට්‍රේලියානු ABC නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කොට ඇත්තේ  තමා සැමවිටම නිවැරදි දේ කළ බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ  ඔස්ට්‍රේලියානු ABC නාලිකාවේ දකුණු ආසියානු වාර්  තාකාරිනී අවානි ඩයස් මාධ්‍යවේදිනිය යි.

එහි දී මාධ්‍යවේදිනියගේ ප්‍රශ්න සහ ජන්ධිපතිගේ පිළිතුරු සමහරක් මෙසේ ය.

මාධ්‍යවේදිනිය –ජනාධිපතිතුමනි, ඔබ බලයට පැමිණිමෙන් පසුව බලධාරීන් විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එවැනි දේ තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදයට විසඳුමක් ලැබෙයි ද?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මම හිතන්නේ නෑ  නිවාස ගිනි තැබීමෙන් අපිට මේ අර්බුදය නිමා කිරීමට හැකි බව. අපි සියල්ලන්ම එය තේරුම් ගත යුතුයි.” 

ඔබ හිතනවාද ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙන්, මගේ නිවස ගිනිතැබීමෙන් හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අල්ලා ගැනීමෙන් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට පැමිණිමෙන් අපේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේවි කියලා.”

මාධ්‍යවේදිනිය –ඔබ හිතනවා ද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හෝ මර්දනයෙන් ප්‍රශ්න විසඳිය හැකි බව ?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ –අපි අත්අඩංගුවට ගත්තේ නීතිය කඩකළ පුද්ගලයින් පමණයි. මම නොවේ එය කරන්නේ. එය පොලීසියට භාරදුන් කාර්යයක්. හරියට ඔබේ රටේ සිදුවනවා වගේ. පොලීසිය විසිනුයි චෝදනා ගොනුකරන්නේ. සියල්ල නීත්‍යානූකූලව සිදුකර තිබෙනවා.”

මාධ්‍යවේදිනිය – ජීවන්ත පියතුමා ඇතුළු විරෝධතාකරුවන්, අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ වසන්ත වැනි බොහෝ දෙනෙක්…?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මම දන්නවා ඔබ කතාකරනු ලැබු කණ්ඩායම් ගැන. ඔබ සුළුතර කණ්ඩායමකගේ ප්‍රශ්න මා වෙත යොමුකරන්නේ නම්, මම පිළිතුරු ලබාදෙන්නේ බහුතරය වෙනුවෙන්.” 

මාධ්‍යවේදිනිය – ඔබට තේරුම් ගත හැකි ද බහුතරයක් මේ වනවිට පීඩාවට පත්වී ඇති බවත් සහ මේ ගැන කෝපයෙන් පසුවන බවත්…?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මම දන්නවා රටේ බහුතරයක් පීඩාවට පත්වී සිටින බව. ඔවුන්ට විසඳුමක් අවශ්‍ය බව.”

මාධ්‍යවේදිනිය –ඔබට ඔබේ රටේ බහුතරයක සහාය පවතිනවා යැයි සිතනවා ද ?”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – ඔව්, මට බහුතරයේ සහාය සහ රට තුළ සහායත් පවතිනවා. මම තමයි නිවැරදි දේ ක්‍රියාත්මක කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි වගේ දේවල්.  ඒ නිසයි ඔවුන්ගේ විශ්වාසය සහ සහාය මට හිමිව ඇත්තේ. ඒකයි ඔවුන් මා පිළිබඳ විශ්වාසය පළකරන්නේ. මට එය සිදුකළ හැකියි කියා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *