ශ්‍රීලනිප නායක මෛත්‍රී අටක් පන්නා හතරක් රැකගන්න හදයි

 

ආණ්ඩුවේ ඇමති ධුර ලබාගත් තම මන්ත්‍රීවරුන්  හත් දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට  ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති අතර, එම ගොඩට තවත් එක් මන්ත්‍රීවරයකු එකතුවනු ඇති බවත්, මෛත්‍රී සමග ඉතරි වනු ඇත්තේ හතර දෙනෙකු බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි.

කැබිනට් ඇමති ධුර ලබාගත් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර මහත්වරුන්ට සහ රාජ්‍ය ඇමති ධුර ලබාගත් රන්ජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, ශාන්ත බණ්ඩාර, සුරේන්  රාඝවන්, ජගත් පුෂ්පකුමාරට එරෙහිව විනය පියවර ගන්න බව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකශ කොට ඇත. දුමින්ද දිසානායක මහතාට ද කැබිනට ඇමති තනතුරක් ලැබෙන බව කියති.

මෙම අට දෙනාට එරෙහිව විනය පියවර ගෙන පක්ෂයෙන් ඉවත් කළහොත් මෛත්‍රී සමග ශ්‍රීලනිපයේ ඉතිරි වන්නේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකි. එනම්, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, අන්ගජන් රාමනාදන් සහ දුෂ්මන්ත මිත්‍රපාල යන සිව් දෙනා ය.

එවිට 13 ක් ලෙස පැවති  ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම පහක් දක්වා අඩු වනු ඇත.

විනය පියවර ගැනීමට යන නිමල් සිරිපාල ද සිල්වා සහ  මහින්ද අමරවීර දෙදෙනා පක්ෂයේ ජෙෂ්ට උප සභාපතිවරුන් වන අතර ලසන්ත අලගියවන්න මහතා පක්ෂයේ භාණ්ඩාගාරික වෙයි. දුමින්ද දිසානායක මහතා පක්ෂයේ ජාතික සංවිධායක වරයා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *