ඉන්දියාවෙන් තවත් මූල්‍ය සහන නෑ

 

ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.

ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ඉන්දියාව බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක සහායක් මේ වන විට ලබා දී තිබෙන බවත් රටක් ලෙස සහාය තවදුරටත් නොකඩවා ලබාදීම කළ නොහැකි බවත් ඉන්දියානු රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

දැන් සියල්ල රඳා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මත බව එම ආරංචි මාර්ග පවසා තිබේ.

ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙර ඉන්දියාව මේ පිළිබඳ  “සංඥාවක්” ලබා දී තිබූ බවත් ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර් ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.

(විමුක්ති එස් රුද්‍රිගු)

Lankadeepa

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *