ජාතික සභා යෝජනාව 20 වෙනිදා විවාදයට


 

 

ආර්ථික ප්‍රශ්න ඇතුළු රටේ දැවෙන ප්‍රශ්න විසඳීම අරමුණු කරගත්  ජාතික සභාව පිහිටුවීම සම්බන්ධයෙන්වූ  යෝජනාව ලබන 20 වැනිදා අඟහරුවාදා  විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

මෙම ජාතික සභාව පාර්ලිමේන්තුවේ ස්ථාපනය කිරීමට  යෝජිතය.

ජාතික සභාවක් පිහිටුවීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත

කෙටි කාලීන ,මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මග පෙන්වීම හා ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍යකාලීන පොදු වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීම මෙම ජාතික සභාව පිහිටුවීමේ අරමුණ වේ.

කතානායක වරයා සභාපතිවරයා වූද අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පිළිගත් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් තිස් පස් දෙනකුට නොවැඩි සංඛ්‍යාවකින් මෙම ජාතික සභාව සමන්විත වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ රැස්විය.

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *