ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඇරඹෙයි

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ප්‍රධානම රටවල් වන චීනය, ජපානය සහ ඉන්දියාව සමග මෙරට මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

මෙහි අරමුණ වී ඇත්තේ මෙම රටවල් සමඟ එකඟතාවයකට පැමිණීම බව සඳහන් ය.

වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට නම් මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවයි .

ඒ අනුව මෙරට මූල්‍ය උපදේශකයින් ලෙස ‘ලැසාර්ඩ්’ ආයතනයේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය මැයි මාසයේදී තීරණය කළ අතර ජාත්‍යන්තර නීති උපදේශක සමාගමක් වන ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ ද මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යට සහාය ලබා දෙන බව සඳහන් වෙයි.

මෙරට ණය ඩොලර් බිලියන 85 සිට ඩොලර් බිලියන 100 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර  ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *