අයි එම් එෆ් වාර් තාව සජිත්ට සහ හර් ෂට දෙන්න ආණ්ඩුව ක්‍රමයක් හදයි !

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම තමන්ට ලබා දිය යුතු බව කියූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ආචාර් ය හර්ෂ ද සිල්වා මහතාට එය ලබා දීමට ආණ්ඩුව ක්‍රමයක් සකස් කොට ඇති බව වාර් තා වෙයි.

කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කොට ඇත්තේ එම වාර්තාව කැබිනට් මණ්ඩලයට , විපක්ෂ නායකවරයාට සහ පාර්ලිමේන්තුවේ මුදල් සම්බන්ධ කමිටු සභාපතිවරුන්ට ලබා දීමට යි.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ රාජ්‍ය මුදල් කමිටු සභාපති ආචාර් ය හර් ෂ ද සිල්වා මහතාට එය ලැබෙනු ඇත.

එම වාර්තාවේ අඩංගු සංවේදී තොරතුරුවල රහෂ්‍ය භාවය රැකීමේ වගකීම ඔවුන් වෙත පැවරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *