පොහොට්ටුවෙන් තව කැබිනට ඇමතිවරුන් 12 ක් පත්කරන කතාව බොරුවක් !

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් ඇමතිවරුන් 12 දෙනෙකු මේ සතියේ පත් කරන්නට යන බවට, එසේ පත්වන බව කියන අයගේ නම් සහිතව පසුගියදා ඇතැම් මාධ්‍යවල පළකර තිබු පුවත සම්පුර්ණ අසත්‍යයක් බව රජයට සම්බන්ධ ආරංචි ර්මාග කියයි.

එම ආරංචි මාර් ග  කියන්නේ කැබිනට් මණ්ඩලය පත් නොකර සිටින්නේ සර් ව පාක්ෂික ආණ්ඩුවකට විපක්ෂයෙන් එන පිරිසට අවස්ථාව දීම සඳහා බව යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එයට එකඟ වී ඇති අතර තමන්ගේ පිරිසකට රාජ්‍ය ඇමති ධුර ලබාදෙන ලෙස එම පක්ෂය බල කළේ කැබිනට් මණ්ඩලය පත්කිරීම එලෙස ප්‍රමාද වන නිසා ය.

කෙසේ වෙතත්, සර් ව පාක්ෂික ආණ්ඩුවකට එරෙහි විපක්ෂයේ පිරිසක් සහ පොදුජන පෙරමුණේ පිරිසක්  ඉහත සැලසුම ව්‍යර්ථ කිරීමේ උත්සාහයක යෙදී සිටින බවත්, පොදුජන පෙරමුණෙන් කැබිනට ඇමති ධුර 12ක් පත් කරන බවට ව්‍යාජ ප්‍රවෘත්තියක් පළවන්නේ ඒ අනුව බවත්,  අපගේ ආරංචි මාර් ග  කියයි.

කැබිනට් මණ්ඩලය ස්ථිර ලෙස පත්කරන විට විපක්ෂයෙන් දහ දෙනෙකුට වැඩි පිරිසක් සම්බන්ධ කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති අතර සර් ව පාක්ෂික ජාතික සභාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය පත් කිරීම සිදුවන බව ද කියති.

ජාතික සභාව සඳහා යෝජනාව පාර් ලිමෙන්තුවේ අනුමැතිය සඳහා ලබන සතියේ පමණ ඉදිරිපත් කරනු ඇති බව ද වාර් තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *