|

අද සැප්තැම්බර් 9 : බැසිල් ගෙදර යයි !

 

අද, සැප්තැම්බර් 9 දා උදැසන බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ සිය නිවෙස බලා පිටත්ව ගොස් ඇත.

අද උදේ ඩුබායි බල පිටත් වූ ගුවන් යානයකින් ඩුබායි බලා ගිය ඒ මහතා එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඇමරිකාව බලා යාමට නියමිත ය.

අප්‍රේල් 9 දා ගෝටා ගෝ ගම අරගලය ආරම්භ වූ අතර මැයි 9 දා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වී ය. බැසිල් රාජපක්ෂ මහතා පාර් ලිමෙන්තුවෙන් ඉල්ලා අස් වුයේ ජුනි 9 දා ය. ජුලි 9 දා ජනාධිපති මන්දිරය ආල්ලා ගැනීමේ කැරැල්ල ක්‍රියාත්මක වී ය.

රනිල් ගෙදර යැවීමේ කැරැල්ල ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් අගෝස්තු 9 දා කැඳවා තිබිණි. එදින ඒ සඳහා කිසිවෙකු පැමිණියේ නැත. සරත් ෆොන්සේකා මහතා ද පැමිණියේ නැත.

සැප්තැම්බර් 9 දා සටහන් වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ගෙදර ගිය දිනය වශයෙනි.

ජුලි 12 දා ද ඒ මහතා යන්න හැදුව ද එදින ඔහුට යාමට ඉඩ දුන්නේ නැත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *