වැටී තිබු ව්‍යාපාරික විශ්වාසය දර්ශකයේ වේගවත් ඉහළයාමක්

 

එල් එම් ඩී ව්‍යාපාරික සඟරාවෙන් සමීක්ෂණය කොට සකස් කරනු ලබන LMD නීල්සන් ව්‍යාපාරික විශ්වාස දර්ශකයේ වේගවත් ඉහළ යාමක් අගෝස්තු මාසයේ දී වාර් තා වී ඇත.

පසුගිය ජුනි, ජුලි මාස දෙකෙහි 49 දක්වා පහත වැටී තිබු එහි අගය අගෝස්තු මාසයේ 81 දක්වා ඒකක 32 කින් ඉහළ ගොස් තිබේ.

රට ස්ථාවර වීම සහ ඉන්ධන පෝලිම් අඩුවීම ආදිය ව්‍යාපාරික විශ්වාසය මෙලෙස වර්ධනය වීමට හේතු වී ඇතැයි කියති.

කෙසේ වෙතත්, දිගුකාලීන සාමන්‍යය වන 125 ට සාපේක්ෂව එය තවමත් පහළ මට්ටමක පවතියි.

අතුරු අයවැය සහ මුල්‍ය අරමුදල සමග අවබෝධතා ගිවිසුමේ බලපෑම සැප්තැම්බර් මාසයේ දී දැකගත හැකි වනු ඇති බව අපේක්ෂා කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *