ගෝටා ගෙනා මහ බැංකු අධිපතිට පොහොට්ටුවෙන් ප්‍රහාර ; ආරක්ෂාවට සජිත් !

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පසුගිය අප්‍රේල් මාසයේ මහ බැංකු අධිපති ලෙස පත්කළ ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ණය ගෙවීම නැවත්වීමට පාර් ලිමේන්තුවට නොදන්වා තීරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි ලෙස විවේචනය කරද්දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහ බංකු අධිපතිගේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර , ගෙවිඳු කුමාරතුංග ඇතුළු මන්ත්‍රීවරුන් මෙන් ම සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ද මහ බැංකු අධිපතිගේ තීරණය ප්‍රශ්න කළේ මන්ත්‍රීවරුන් සහ මහ බැංකු අධිපති අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ය. පාර් ලිමේන්තුව දැනුවත් නොකළේ මන්දැයි ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ද ප්‍රශ්න කොට ඇත.

වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා විමසුවේ මහ බැංකුවේ මුදල් තත්ත්වය ගැන පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම පිළිබඳව ය. රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමට පෙර පාර් ලිමේන්තුව දැනුවත් නොකිරීම ගැන ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රශ්න කළේය.

කැබිනට් තීරණයක් ලබාගත් බව සහ පාර්ලිමේන්තුව දැනුවත් කළ බව මහ බැංකු අධිපති කියද්දී කුමාරතුංග මහතා පෙන්වා දුන්නේ අප්‍රේල් 12 දා බංකොලොත් බව ප්‍රකාශ කළ ද කැබිනට් තීරණය ගත්තේ 18 දා බව සහ පාර් ලිමේන්තුව දැනුවත් කළේ 20 දායින්  පසුව බව යි.

වාර් ෂික අයවැය සම්මත කිරීම ඇතුළු සියලු මුදල් තීන්දු ගත යුත්තේ පාර් ලිමේන්තුව නම් රට බංකොලොත් බව ප්‍රකශ කිරීම වැනි බරපතළ තීරණයක් පාර් ලිමෙන්තුවට පිටින් ගත්තේ කෙලෙස දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මේ අවස්ථාවේ මහ බැංකු අධිපතිතුමාගේ සහයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා කීවේ මහ බැංකු අධිපතිතුමා කටයුතු කොට ඇත්තේ යහපත් චේතනාවෙන් බව යි.

පාර් ලිමෙන්තුවට නොදන්වා රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම ගැන එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද පාර් ලිමෙන්තුවේ ප්‍රශ්න කළ අතර විපක්ෂයේ ප්‍රධන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේ මෙම ප්‍රශ්නය තමා විමසු විට මහ බැංකු අධිපතිතුමාට කේන්ති ගිය බව යි.

මහ බැංකු අධිපතිතුමා තනතුරින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *