ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ; වසර පහක් නොගෙවා ඉන්න ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් !

 

 

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වසර පහක කාලයක් ණය නොගෙවා සිටීමට ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර් ය නන්දලාල වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙරට ද්වි  පාක්ෂික ණය හිමියන්ගෙන් මෙම සහනය ලබා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

එලෙස ණය නොගෙවන කාලයේ පොලිය ගෙවීමට සිදුවනු ඇතැයි කියති.

වසර පහකින් පසු එකඟ වූ ක්‍රමවේදයක් අනුව ණය ගෙවීමට පියවර ගනු ඇත.

ද්වි පාර්ශ්වික ණය හිමියන් සමග එම සහන කාලය ලබාගන්නා ආකාරයෙන් ම ජාත්‍යන්තර බැඳුම්කර හිමිකරුවන්ගේ ද ගෙවීම් කිරීමට වැඩිපුර කාලයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි.

ඔවුන්ගේ ණය ගෙවීමේ දී මුල් වසර කිහිපයේ අඩු වාරික ගෙවීමක් සහ ඉන් පසුව වැඩි වාරික වශයෙන් ගෙවීම් කිරීමට එකඟත්වයක් ඇතිකර ගැනීම රජයේ බලාපොරොත්තුව වී තිබේ. එමගින් අවසානයේ ඔවුන්ට අවාසියක් නොවන ලෙස ගෙවීම් කර අවසන් කිරීමට හැකි වනු ඇතැයි කියති.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් වෙනුවෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ගේ නියෝජිතයින් නම් කිරීම ද මේ වන විටත් සිදු කොට  ඇති බව ද කියති.

මහ බැංකු අධිපති අචාර් ය නන්දලාල් වීරසිංහ මහතා පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ මෙම කරුණු හෙළිකොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *