අයි එම් එෆ් සමග පළමු ගිවිසුම තීන්දුයි ; නිල නිවේදනය හෙට

 

ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාරයක් සඳහා වන පළමු අවබෝධතා ගිවිසුමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අද එළඹුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

එම ගිවිසුම පිලිබඳ නිල නිවේදනය හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත ය.

මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමේ සංචාරය ද මේ සඳහා දිනකින් දිගු කොට තිබේ. ඒ අනුව එම කණ්ඩායම හෙට දක්වා මෙරට රැඳී සිටින බව මුල්‍ය අරමුදල නිවේදනය කොට තිබේ.

හෙට අත්සන් කරන ගිවිසුම දෙපාර්ශවය අතර පළමු අවබෝධතා ගිවිසුම වන අතර ණය ලබාදීම සඳහා ඉදිරි පියවර ගැනීම ශ්‍රී ලංකාවේ දැනට ඇති ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමෙන් පසුව සිදු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *