ර්සව පාක්ෂික රජයක් අවශ්‍ය වන්නේ මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නොවේ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ර්සව පාක්ෂික රජයක් අවශ්‍ය වන්නේ තමන්ගේ හෝ තනි පුද්ගලයකුගේ හෝ තනි පක්ෂයක හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොව සියලු දෙනා එකතු වී, හැම දෙනා ම එකඟවන වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැගීම සඳහා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කළේය.

ආණ්ඩුව කරන අර දේට හෝ මේ දේට එකඟ වෙන්න බැරි නිසා ර්සව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්න නොහැකි බව කියන පක්ෂ ගැන සඳහන් කරමින් ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවකට එකතු වී ප්‍රතිපත්ති සැකසීමට සියලු පක්ෂවලට තමා නැවතත් ආරාධනා කරන බව යි.

රට මුහුණ දී තිබෙන අර්බුදයේ තරම බොහෝ දෙනා තවම තේරුම් ගෙන නැති බවත්, ඒ ගැන කියන විටත් උපහාසයට නගන බවත්, කී ජනාධිපති තුමා වැඩි දුරටත් කීවේ මෙම පිරිස හැසිරෙන්නේ ලිපේ ගින්දරෙන් හැලියේ වතුර රත්වන තෙක් නටන කකුළුවන් සේ බව ද ප්‍රකාශ කළේය.

ර්පලිමෙන්තුවට අතුරු අයවැය ඉදිරිපත් කරමින් ඊයේ කළ කතාවේ දී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *