ඛනිජ තෙල්, ගල් අඟුරු ගෙන්වන වැඩේ භාරගන්න – විදුලිබල ඇමති විපක්ෂයෙන් ඉල්ලයි

 

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලි ගාස්තු වැඩි කිරීම ගැන ර්පලිමෙන්තුවේ අද පැවැත්වෙන විවාදයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්ධන අඩු මිලට අලෙවි කළ හැකි බව කියා තිබෙන බව කී අමාත්‍යවරයා එවැනි කාරක සභාවක් හදා විපක්ෂයට භාර දෙනවා නම් විෂය භාර ඇමතිවරයා ලෙස සතුටට පත්වෙන බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *